Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

Agricultural Livestock

කෘෂි කර්මාන්තය

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පහතරට තෙත් කෘෂි කාර්මික කලාපයට අයත් වේ. වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය මි.ලී. 4200 ක් පමණ වේ. වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 – 75 පමණ වේ. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නිරිත දිග මෝසම් මෙන්ම ඊසාන දිග මෝසම් මගින්ද වර්ෂාපතනය ලැබේ. වර්ෂය පුරාම වර්ෂාව ලැබෙන නිසා කෘෂි කර්මාන්තයට හිතකර දේශගුණයක් පවතී.

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් වලින් 98%ක් පමණම ගෙවතු හා වගා බිම් වලට යටවී ඇත. එය පහත වගුව මගින් හඳුනා ගත හැකිය.

ප්‍රධාන භූමි පරිභෝජනය හා ඒවාට අයත් බිම් ප්‍රමාණය

භූමි පරිභෝජනය

වර්ග ප්‍රමාණය ව.කි.

ප්‍රතිශතය %

ගෙවතු වගාව

2293

25

තේ වගාව

582.81

6

රබර් වගාව

3067.49

33

පොල් වගාව

348.97

4

කුඹුරු

1132.32

12

වෙනත් වගාවන්

278.78

3

වන වගාව

801.64

9

ලඳු කැලෑ

157.38

2

ජල තල

123.88

1

වෙනත් බිම්

416.84

5

එකතුව

9204

100

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධාන වැවිලි බෝග වශයෙන් තේ, රබර් හා වී ප්‍රධාන වේ.

මුළු කුඹුරු ප්‍රමාණය

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින මුළු කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 935 කි. එය ග්‍රාම නිලධාරී වසම් අනුව ව්‍යාප්තව ඇත්තේ පහත සටහනේ දැක්වෙන අයුරිනි.

ග්‍රාම නිලධාරී වසම් අනුව වගා කළ කුඹුරු ප්‍රමාණය

අනු අංකය

ග්‍රාම නිලධාරී වසමේ නම

වසමේ අංකය

කුඹුරු ප්‍රමාණය අක්කර

1

වගවත්ත

618

221

2

පෝරුවදණ්ඩ නැගෙනහිර

618 ඒ

70

3

කැකුලලිය

618 බී

116

4

පෝරුවදණ්ඩ බටහිර

618 සී

-

5

ඌරුගල නැගෙනහිර

619

180.77

6

නම්බපාන

619 ඒ

27

7

ඌරුගල බටහිර

619 බී

-

8

ඉංගිරිය නැගෙනහිර

620

-

9

ඉංගිරිය බටහිර

620 ඒ

-

10

රයිගම්වත්ත

620 බී

10

11

ඉංගිරිය උතුර

620 සී

-

12

නිමලගම

620 ඩී

-

13

ඇදුරාගල

620 ඊ

-

14

දොඹගස්කන්ද

620 එෆ්

2.5

15

මහ ඉංගිරිය

621 ජී

08

16

මාපුටුගල

621

58.3

17

රත්මල්ගොඩ නැගෙනහිර

621 ඒ

203

18

රත්මල්ගොඩ බටහිර

621 ඒ

93

19

පැල්පිටිගොඩ

622

350

20

හදපාන්ගොඩ දකුණ

623

55

21

හදපාන්ගොඩ නැගෙනහිර

623 ඒ

55

22

හදපාන්ගොඩ බටහිර

623 බී

23

බටුගම්පල

624

44

24

කැකුළදොල

624 ඒ

27

25

අරකාවිල

625

110

26

මෙනේරිගම

625 ඒ

166

27

කදනපිටිය

626

07

28

කොට්ටියාවත්ත

626 ඒ

05

29

කුරණ දකුණ

627

04

30

කොටිගල

627 ඒ

16

31

කුරණ උතුර

627 බී

20


වගා කරන ලද ප්‍රමාණය යල - මහ

2015 වර්ෂයේ යල මහ කන්නයේ වගා කරන ලද ප්‍රමාණයන් හා වී අස්වැන්න නෙලා ගන්නා ලද ප්‍රමාණයන්

අනු අංකය

ග්‍රාම නිලධාරී වසමේ නම

2015 යල මහ කන්නය අක්කර

යල කන්නය

මහ කන්නය

1

වගවත්ත

5

22

2

පෝරුවදණ්ඩ නැගෙනහිර

51.3

45.3

3

කැකුලලිය

10

108

4

පෝරුවදණ්ඩ බටහිර

2.5

1.5

5

ඌරුගල නැගෙනහිර

-

4.84

6

නම්බපාන

10

05

7

ඌරුගල බටහිර

-

-

8

ඉංගිරිය නැගෙනහිර

-

-

9

ඉංගිරිය බටහිර

60

60

10

රයිගම්වත්ත

10

10

11

ඉංගිරිය උතුර

23

40.89

12

නිමලගම

29

46

13

ඇදුරාගල

91

108

14

දොඹගස්කන්ද

2.5

2.5

15

මහ ඉංගිරිය

-

-

16

මාපුටුගල

58

143

17

රත්මල්ගොඩ නැගෙනහිර

30

30

18

රත්මල්ගොඩ බටහිර

75

95

19

පැල්පිටිගොඩ

85

85

20

හඳපාන්ගොඩ දකුණ

42

91

21

හඳපාන්ගොඩ නැගෙනහිර

10

20

22

හඳපාන්ගොඩ බටහිර

23

බටුගම්පල

41

58

24

කැකුළදොල

27

43

25

අරකාවිල

38

30

26

මෙනේරිගම

100

166

27

කඳනපිටිය

03

05

28

කොට්ටියාවත්ත

10

10

29

කුරණ දකුණ

04

02

30

කොටිගල

14

-

31

කුරණ උතුර

18

18

අස්වැන්න නෙලාගත් ප්‍රමාණය යල - මහ

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහ කන්නයේ අස්වැන්න නෙලා ගත් ප්‍රමාණය හෙක්ටයාර් 1996.24 කි. යල කන්නයේ හෙක්ටයාර් 1719.96 කි. සමස්ත එකතුව හෙක්ටයාර්3716.20 කි.

සාමාන්‍ය අස්වැන්න යල - මහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙ.ටොන් 3.1කි.

වාරි කර්මාන්ත යටතේ වගා කරන ප්‍රමාණය

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මහ වාරිමාර්ග යෝජනා ක්‍රම කිසිවක් නැත.    සුළු   වාරිමාර්ග  භාවිතා කරමින්   2015 යල හා  මහ  කන්න  වගා කර ඇත.

සුළු වාරිමාර්ග යටතේ වී වගාව

අනු අංකය

ග්‍රාම නිලධාරී වසමේ නම

වසමේ අංකය

සුළු වාරිමාර්ග යටතේ වී වගාව බූසල්

යල කන්නය

මහ කන්නය

1

වගවත්ත

618

35

40

2

පෝරුවදණ්ඩ නැගෙනහිර

618 ඒ

50

45

3

කැකුලලිය

618 බී

65

70

4

පෝරුවදණ්ඩ බටහිර

618 සී

60

80

5

ඌරුගල නැගෙනහිර

619

-

200

6

නම්බපාන

619 ඒ

5

-

7

ඌරුගල බටහිර

619 බී

-

-

8

ඉංගිරිය නැගෙනහිර

620

-

-

9

ඉංගිරිය බටහිර

620 ඒ

2400

3600

10

රයිගම්වත්ත

620 බී

450

450

11

ඉංගිරිය උතුර

620 සී

48

56

12

නිමලගම

620 ඩී

1700

1950

13

ඇදුරාගල

620 ඊ

850

5600

14

දොඹගස්කන්ද

620 එෆ්

100

120

15

මහ ඉංගිරිය

621 ජී

-

-

16

මාපුටුගල

621

3364

8294

17

රත්මල්ගොඩ නැගෙනහිර

621 ඒ

1000

1200

18

රත්මල්ගොඩ බටහිර

621 ඒ

3250

4520

19

පැල්පිටිගොඩ

622

2925

3510

20

හඳපාන්ගොඩ දකුණ

623

50

53

21

හඳපාන්ගොඩ නැගෙනහිර

623 ඒ

40

55

22

හඳපාන්ගොඩ බටහිර

623 බී

23

බටුගම්පල

624

1845

3480

24

කැකුළදොල

624 ඒ

1015

1365

25

අරකාවිල

625

45

30

26

මෙනේරිගම

625 ඒ

4500

211

27

කඳනපිටිය

626

140

250

28

කොට්ටියාවත්ත

626 ඒ

20

20

29

කුරණ දකුණ

627

180

90

30

කොටිගල

627 ඒ

70

-

31

කුරණ උතුර

627 බී

60

60

අනෙකුත් ප්‍රධාන බෝග

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෘෂි කර්මාන්තයට හිතකර දේශගුණ තත්ත්වයක් පවතින නිසාම ප්‍රධාන බෝග වන රබර්,තේ හා පොල් වගා කරනු ලැබේ. පහත වගු සටහන මගින් එය පැහැදිලි කළ හැකිය.

අනු අංකය

ග්‍රාම නිලධාරී වසමේ නම

රබර් වගාව (අක්.)

තේ වගාව(අක්.)

පොල් වගාව(අක්.)

1

වගවත්ත

307

115

85

2

පෝරුවදණ්ඩ නැගෙනහිර

15

15

31

3

කැකුලලිය

85

80

65

4

පෝරුවදණ්ඩ බටහිර

30

32

24

5

ඌරුගල නැගෙනහිර

18

158

78

6

නම්බපාන

170

69

27

7

ඌරුගල බටහිර

121

80

10

8

ඉංගිරිය නැගෙනහිර

49

44

-

9

ඉංගිරිය බටහිර

08

70

26

10

රයිගම්වත්ත

399

200

-

11

ඉංගිරිය උතුර

40

12

13

12

නිමලගම

09

25

20

13

ඇදුරාගල

180

28

55

14

දොඹගස්කන්ද

15

10

-

15

මහ ඉංගිරිය

08

43

12

16

මාපුටුගල

94

25

18

17

රත්මල්ගොඩ නැගෙනහිර

80

20

30

18

රත්මල්ගොඩ බටහිර

160

205

-

19

පැල්පිටිගොඩ

126

13

1308

20

හඳපාන්ගොඩ දකුණ

66

112

20

21

හඳපාන්ගොඩ නැගෙනහිර

35

52

75

22

හඳපාන්ගොඩ බටහිර

23

බටුගම්පල

50

75

40

24

කැකුළදොල

85

36

41

25

අරකාවිල

115

95

50

26

මෙනේරිගම

120

98

30

27

කඳනපිටිය

3

5

2

28

කොට්ටියාවත්ත

4

12

5

29

කුරණ දකුණ

32

38

-

30

කොටිගල

25

32

20

31

කුරණ උතුර

20

25

1

එකතුව

2469

1824

2087

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  රබර් වතු අක්කර 2469ක් ද  තේ වතු අක්කර 1824 ක් ද  පොල් වතු අක්කර2087 ක් ද ඇත.

පොල් වගාව

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල් ප්‍රධාන වගාවක් වශයෙන් ව්‍යාප්තව ඇත. මෙම කොට්ඨාශයේ දළ වශයෙන් පොල් අක්කරක් 2087ක්  පමණ වගා කරනු ලැබේ.

ගෙවතු වගාව

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ගෙවතු වගාවන් වශයෙන් හෙක්ටයාර් 2259 ක් පමණ ඇත. එය මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ඉඩම් වලින් 36.49% කි. එයින් පළතුරු වගාවන් සම්බන්ධ තොරතුරු පහත වගු මගින් ඉදිරිපත් කර ඇත.

පළතුරු වගාව

වගා වර්ගය

පවතින බිම් ප්‍රමාණය හෙක්ටයාර

නව වගාව බිම් ප්‍රමාණය

නිෂ්පාදනය

(වාර්ෂික) (මෙ.ටොන්.)

පවතින බිම් ප්‍රමාණය හෙක්ටයාර

නව වගාව බිම් ප්‍රමාණය

නිෂ්පාදනය

(වාර්ෂික) (මෙ.ටොන්.)

අන්නාසි

5.6

0.8

112

4.33

0.5

112

කෙසෙල්

75

6

492

6.45

2.02

492

වැල් දොඩම්

7.5

1.2

64

1.61

1.01

64

මැංගුස්

4

00

12

0.80

-

12

දූරියන්

3

00

00

0.05

-

00

රඹුටන්

16

0.5

90

6.88

1.21

90

එළවළු වගාවන්

ඉංගිරිය ප්‍රාදේශීය‍ ලේකම් කොට්ඨාසය තුළ  යල හා මහ කන්නය වගා කෙරන ලද එළවළු වගාව පිළිබද විස්තර පහත වගු සටහන මගින් පෙන්වා ඇත.

වගාව

යල කන්න

මහ කන්න

යල කන්න

මහ කන්න

බිම් ප්‍රමාණය හෙක්.

නිෂ්පාදනය

බිම් ප්‍රමාණය හෙක්

නිෂ්පාදනය

බිම් ප්‍රමාණය හෙක්

නිෂ්පාදනය

බිම් ප්‍රමාණය හෙක්

නිෂ්පාදනය

වම්බටු

4

28

6

42

6.31

28

9.21

42

මාළුමිරිස්

1

6

1

6

1.5

8.4

1.5

6

රාබු

1

10

0.8

8

1.5

10

-

8

මෑ වර්ග

1.3

7.8

1.6

9.7

5.21

6

10.21

9.7

බුෂිටා

1

5

-

5

-කරවිල

3

21

3.2

22

2.21

21

7.32

22

වැටකොලු

4.2

42

4

40

7.21

30

9.21

40

පතෝල

4.5

54

5

60

6.27

72

10.27

60

බණ්ඩක්කා

4

32

4

32

5.05

32

11.32

32

පිපිඤ්ඤා

0.8

7.2

3

24

0.05

9

-

24

මහ කන්නයේදී හෙක්ටයාර් 27.3 ක් එළවළු වගාවද යල කන්නයේදී හෙක්ටයාර් 24.5 ක් එළවඵ වගාවද පැවතී ඇත.

බහු වාර්ෂික බෝග

කෝපි ගම්මිරිස් කුරුදු රඹුටන් වගාවන් බහු වාර්ෂික බෝග වශයෙන් වගා කරනු ලැබේ. මහ කන්නයේ වගා කළ ප්‍රමාණය හා ලබා දුන් සහනාධාර පහත වගු සටහන මගින් පෙන්නුම් කළ හැකිය.

වගාව

වගා කළ බිම් ප්‍රමාණය (අක්.)

ලබාදුන් සහනාධාර ප්‍රමාණය (රුපියල්)

ගම්මිරිස්

2.0

31280

කුරුදු

1.5

70200

ඉගුරු

හෙ. 7

525000.00

* මීට අමතර වශයෙන් පුවක් පැළ 2800  වගා කිරීමට බෙදා දෙන ලදී.

සත්ත්ව පාලන කටයුතු

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සත්ත්ව පාලන කටයුතු මෙහෙයවනු ලබන්නේ පෝරුවදණ්ඩ පශු වෛද්‍ය කාර්යාලය මගිනි. එම ආයතනය මගින් ලබා ගන්නා තොරතුරු පහත ආකාරයට දැක්විය හැක.

සත්ත්ව පාලන සංඛ්‍යා ලේඛන

අනු අංකය

සතුන් වර්ගය

සතුන් සංඛ්‍යාව

ගොවි පලවල් සංඛ්‍යාව

1

එළ ගවයින්

1160

207

2

මී ගවයින්

655

38

3

එළුවන්

335

62

4

ඌරන්

10

01

5

බ්‍රොයිලර් කුකුළන්

5000

07

6

කිකිළියන්

3300

10

7

ගෘහස්ථ කුකුළු පාලනය

3500

350

පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මිල්කෝ සමාගම මගින් පාලනය වන කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන දෙකකි .

01. රයිගම්වත්ත

02. හඳපාන්ගොඩ

 


3.6.2  2015 වසර තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති

අනු අංකය

ව්‍යාපෘතිය

ප්‍රතිලාභීන් ගණන

ව්‍යාපෘති විස්තරය

01

කිරි ගව ගොවිපලවල් සංවර්ධනය කිරීම

01

මුළු විදමින් 50% ලබා දෙන ලදී

02

එළු ගොවිපලවල් සංවර්ධනය කිරීම

01

මුළු විදමින් 50% ලබා දෙන ලදී

03

ගව අභිජනන මධ්‍යස්ථාන

01

මුළු විදමින් 50% ලබා දෙන ලදී

04

තෘණ වගා ව්‍යාපෘති

03

පර්.20 ඒකක 03

කම්බි කණු 10

කටු කම්බි රෝල් 01පොහොර,තෘණ දඩු

ඉඩම් පරිහරණය

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මුළු ඉඩම් ප්‍රමාණය හෙක්. 9204කි. එය දිස්ත්‍රික්කයේ මුළු බිම් ප්‍රමාණයෙන් 5.75%කි. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මද බෑවුම් සහිතය එය පහත වගු සටහන මගින් හදුනා ගත හැකිය.

බෑවුම් කලාපය

බිම් ප්‍රමාණය (හෙක්.)

ප්‍රතිශතය%

0-8%

6076

66.07 %

8-16%

1560

16.95 %

16-30%

1095

11.90 %

30-60%

363

3.94 %

60%

110

1.20 %

ඉංගිරිය  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් පරිහරණයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ මුළු ඉඩම් වලින් 90% පමණ ගෙවතු වගා බිම් ව්‍යාප්තව පැවතීමය. එයට හේතුව වන්නේ මෙම කොට්ඨාසයට වර්ෂය පුරාම පවතින වගාවන්ට හිතකර දේශගුණික තත්ත්වයයි.


ප්‍රධාන භූමි පරිහරණ වර්ග හා ඒවාට අයත් බිම් ප්‍රමාණය

භූමි පරිභෝජනය

වර්ග ප්‍රමාණය ව.කි.

ප්‍රතිශතය %

ගෙවතු වගාව

2293

25

තේ වගාව

582.81

6

රබර් වගාව

3067.49

33

පොල් වගාව

348.97

4

කුඹුරු

1132.32

12

වෙනත් වගාවන්

278.78

3

වන වගාව

801.64

9

ලඳු කැලෑ

157.38

2

ජල තල

123.88

1

වෙනත් බිම්

416.84

5

එකතුව

9203.11

100

වගා බිම් වලින් ප්‍රධාන වගාවන් වන තේ, රබර්, පොල් හා වී වලට ප්‍රධාන තැනක් හිමි වේ. එම වගාවන් ව්‍යාප්තව තිබෙන ආකාරය පහත වගු සටහන මගින් හදුනා ගත හැකිය.


ප්‍රධාන බෝග වර්ග සහ ඒවාට අයත් බිම් ප්‍රමාණය

බෝග වර්ගය

ප්‍රමාණය (අක්කර)

ප්‍රතිශතය%

තේ

1569

19.29%

රබර්

5039

61.98%

පොල්

1500

18.45%

වී

22

0.28%

එකතුව

8130

100 %

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින ඉඩම් වලින් 7.3%පමණ ස්වාභාවික වෘක්ෂලතා හා වන වගා වලින් සමන්විත වේ. එය පහත වගු සටහන මගින් හදුනා ගත හැකිය.

ස්වාභාවික වෘක්ෂලතා හා වන වගා

වර්ගය

බිම් ප්‍රමාණය (හෙක්.)

ප්‍රතිශතය %

ඝන වනාන්තර

68

10.07

විවෘත වනාන්තර

260

38.52

ලදු කැලෑ

106

15.70

තෘණ භූමි

11

1.63

වන වගා

230

34.8

එකතුව

675

100.00

භූමි තත්ත්ව දර්ශන සිතියම

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් පරිහරණ රටාව අධ්‍යනය කිරීමේදී කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ සූක්ෂම පරිහරණයකින් යුක්ත ඉඩම්, මුළු ඉඩම් වලින් 17%ක් පමණ වේ.

සූක්ෂම ඉඩම් පරිහරණයට අයත් ඉඩම්    :- ගොඩ නගන ලද බිම්, කෘෂි කාර්මික

බිම්, ඝන වනාන්තර                                   සහ වන වගා.

ඌණ පරිහරණ අයත් වන වගා              :- මුඩු ඉඩම්, තෘණ බිම්, ලදු කැලෑ

වනාන්තර වගුරු බිම්                                  විවෘත


ගෙවතු වල සාමාන්‍ය විශාලත්වය හා ඉඩම් කට්ටි වල සාමාන්‍ය විශාලත්වය

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින ඉඩම් ප්‍රමාණය හෙක්. 9204කි. මුළු පවුල් සංඛ්‍යාව 14143කි. ඒ අනුව එක පවුලකට අයත් ඉඩම් ප්‍රමාණයේ සාමාන්‍යය හෙක්. 0.72කි. එක් පුද්ගලයෙකුට අයත් බිම් ප්‍රමාණය හෙක්. 0.1904කි.

කොට්ඨාසයේ ගෙවතු සදහා භාවිතා කර තිබෙන මුළු ඉඩම් ප්‍රමාණය හෙක්. 3359කි. ඒ අනුව ගෙවතු වල සාමාන්‍ය විශාලත්වය හෙක්. 0.29කි.

උපද්‍රව සහිත තත්ත්වයේ ඇති ඉඩම්

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දකුණු මායිමෙන් ගලා බසින කළු ගංගාව පිටාර ගැලීම හේතුවෙන් නම්බපාන, ඌරුගල නැගෙනහිර, ඌරුගල බටහිර, ඉංගිරිය බටහිර, වගවත්ත, කැකුළලිය, පෝරුවදණ්ඩ බටහිර, දොඹගස්කන්ද යන වසම් ගං වතුර උපද්‍රව වලට භාජනය වේ.

ඉඩම් වල අයිතිය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් වල අයිතිය  - 2015

අනු අංකය

අයිතිය

අක්.

රෑඩ්.

පර්.

01

පුද්ගලික ඉඩම් ප්‍රමාණය

7330

01

-

02

ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ ඇති ඉඩම් ප්‍රමාණය

665

01

-

03

රක්ෂිත ඉඩම් ප්‍රමාණය

3604

04

-

04

රජයේ ඉඩම් ප්‍රමාණය

11133

03

20

05

විශේෂ විධිවිධාන පනත යටතේ බෙදා දී ඇති ඉඩම් ප්‍රමාණය (නියාදන සාධන - 80)

166

-

20

06

ජනපද සදහා බෙදා දී ඇති ඉඩම් ප්‍රමාණය

465

03

10

07

R බලපත්‍ර (ගණන)

204

-

30

08

රජයේ ඉඩම් ආඥා පනත යටතේ බෙදා දී ඇති ඉඩම් ප්‍රමාණය(දී.කා.14)

105

-

-

09

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බෙදා දී ඇති ඉඩම් ප්‍රමාණය

10192

03

-

දිසාපතිතුමාට අයිති ඉඩම්වල බැහැර කිරීම - 2015

අනු අංකය

බලපත්‍ර වර්ගය

සංඛ්‍යාව

01

E.S.බලපත්‍ර

නැත

02

L.L.බලපත්‍ර

117

03

ස්වර්ණ භූමි

නැත

04

ජය භූමි

නැත

05

ඉසුරු භූමි

නැත

06

රන් බිම

34

07

ආර්. බලපත්‍ර

නැත

08

නියාදන සාධන

නැත