Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

Industries

කර්මාන්ත අංශය

මෙම කොට්ඨාසයේ මහා පරිමාණ කර්මාන්ත මධ්‍යම පරිමාණ කර්මාන්ත හා සුළු පරිමාණ කර්මාන්ත දැකිය හැකිය. මහා පරිමාණ කර්මාන්ත වශයෙන් රබර්,තේ,ඇගලුම්,තඹ ආශ්‍රිත කර්මාන්ත ශාලාද, සුළුපරිමාණ කර්මාන්ත වශයෙන් පේෂ කර්මාන්ත  විසිතුරු මසුන් ඇති කිරීම ඇඹරුම් හල්, ලී මෝල්, බ්ලොක්ගල්, බේකරි, කුළු බඩු සැකසීම, වැනි කර්මාන්ත දැකිය හැකිය.

සුළු පරිමාණ කර්මාන්ත

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුළු පරිමාණ කර්මාන්ත 269ක් පමණ වාර්තා වී තිබෙන අතර එම සුළු කර්මාන්ත වල නිරත වන සේවක සංඛ්‍යාව 850 ක් පමණ වේ. එය පහත වගු සටහන මගින් දැක්විය හැකිය.

සුළු පරිමාණ කර්මාන්ත

අනු අංකය

කර්මාන්ත වර්ගය

ආයතන සංඛ්‍යෘව

සේවක සංඛ්‍යාව

01

වැලි ගොඩ දැමීම

80

450

02

බ්ලොක් ගල්

20

45

03

ලී මෝල්

15

20

04

හදුන් කූරු

10

20

05

විසිතුරු භාණ්ඩ

25

40

06

ගරාජ

10

15

07

පේෂ කර්මාන්ත

2

5

08

ගෘහ භාණ්ඩ

15

20

09

බේකරි

12

35

10

වෙනත්

80

200

එකතුව

269

850


මෙයට අමතරව සත්ත්ව පාලන ව්‍යාපෘති වශයෙන් ගව පාලනය කුකුළු පාලනය, එළු පාලනය,  විසිතුරු මසුන් ඇති කිරීම සිදු කරනු ලැබේ. එය පහත වගු සටහන මගින් පෙන්නුම් කළ හැකිය.

ගෘහ සත්ත්ව පාලනය

සතුන් වර්ගය

පවුල් සංඛ්‍යාව

යෙදී සිටින සංඛ්‍යාව

කුකුළු පාලනය

70

80

ගව පාලනය

90

110

එළු පාලනය

60

70

විසිතුරු මසුන් ඇති කිරීම

22

40

එකතුව

242

300

පේෂ කර්මාන්තය

බස්නාහිර පළාත් පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරෙන පේෂ කර්මාන්ත ආයතනයක් මෙම කොට්ඨෘසයට ඇත.

ඉංගිරිය පේෂ කර්මාන්ත මධ්‍යස්ථානය

ඉංගිරිය පේෂ කර්මාන්ත මධ්‍යස්ථානය අට දෙනෙකුගේ කාර්ය  මණ්ඩලයකින් සමන්විත වේ.

තනතුර                                                    සංඛ්‍යාව

උපදේශිකා                                                  01

කාර්මිකාවන්                                                04

නූල් ඔතන්නියන්                                           02

මුරකරු                                                     01


යන්ත්‍ර හතක් ආයතනය සතුව ඇතත් ක්‍රියාත්මක කළ හැකි ඒවා ඇත්තේ හයක් පමණි. පුහුණු කටයුතු සදහා වෙන් කර ඇති ආයතනයකි. පුහුණු වන කාලය මාස හයක් වන අතර එම කාලය තුළ මාසිකව රු. 600.00 දීමනාවක් ලබා දේ.

බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුවේ මහර ව්‍යාපෘතිය මගින් අමුද්‍රව්‍ය ලබා දෙන අතර නිෂ්පාදනයද එම ආයතනය විසින් භාර ගනු ලැබේ.

මහා පරිමාණ කර්මාන්ත

මහා පරිමාණ කර්මාන්ත ශාලා වල නාම ලේඛනය

අනු අංකය

කර්මාන්ත ශාලාවේ නම

නිෂ්පාදනය

ලිපිනය

01

ස්ටයිලිස් පුද්. සමාගම

ඇගළුම්

බොරළුගොඩ

02

විජයලත්  ඇපරල් ප්‍රයිවට් ලිමිටඩ්

ඇගළුම්

පෝරුවදණ්ඩ

03

මැලිබන්  ඇගළුම් ආයතනය

ඇගළුම්

ඉමගිර, ඉංගිරිය

04

වින්වුඩ් තේ කර්මාන්ත ශාලාව

තේ

ඉමගිර, ඉංගිරිය

05

තොටමුණ රබර් කර්මාන්ත ශාලාව

රබර්

නම්බපාන, ඉංගිරිය

06

තේ ශක්ති තේ කර්මාන්ත ශාලාව

තේ

රත්නපුර පාර, ඉංගිරිය

07

ග්‍රොත් ලංකා ගාමන්ට්

රත්නපුර පාර, ඉංගිරිය

08

රයිගම් රබර් කර්මාන්ත ශාලාව

රබර්

හොරණ පාර

09

වරුණ එක්ස්පෝට් ලිමිටට්

ඇගළුම්

පාදුක්ක පාර, මහ ඉංගිරිය

10

සුනිල් තේ කර්මාන්ත ශාලාව

තේ

බෝපේ, පාදුක්ක

11

ඇදුරාගල වත්ත රබර් කර්මාන්ත ශාලාව

රබර්

17 කණුව, බොරළුගොඩ

12

සරු පොහොර කර්මාන්ත ශාලාව

කාබනික පොහොර

පෝරුවදණ්ඩ

13

මුසාජිස් සමාගම

බුරුසු

ඇදුරාගල

14

කින්ඩායි  ලංකා ප්‍රයිවට් ලිමිටඩ්

සෙන්ට් වර්ග

වගවත්ත

15

හර්යුම් ගෝල්ඩන් සමාගම

සෙන්ට් වර්ග

වගවත්ත

16

ප්‍රමියර් රබර් කර්මාන්ත ශාලාව

රත්මල්ගොඩ

17

නාලක අභ්‍යාස පොත් සමාගම

අභ්‍යාස පොත්

රත්මල්ගොඩ

ඉහත මහා පරිමාණ කර්මාන්ත ශාලා වල දැනට 6000ට ආසන්න සේවක සංඛ්‍යාවක් සේවය කරනු ලැබේ. මෙයට අමතරව ආයෝජන සැකසුම් කලාපයක්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇත.

ආයෝජන සැකසුම් කලාපය

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානදුර රත්නපුර ප්‍රධාන මාර්ගයට යාබදව පෝරුවදණ්ඩ බොරළුගොඩ ග්‍රාමයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් සැකසුම් කලාපය පිහිටුවා මෙය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහනකි. මෙම අපනයන සැකසුම් කලාපයේ පරිපාලනය හා සම්බන්ධීකරණය පහසුව සදහා ආයෝජන මණ්ඩලයෙහි කළමණාකරුවෙකු යටතේ කලාප කළමනාකරණ කාර්යාලයක් පිහිටුවා ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මෙම කලාපයේ ආයෝජකයින් වෙත (දේශීය හා විදේශීය) පහත දැක්වෙන ආකාරයේ යටිතල පහසුකම් සලස්වා දෙනු ලැබේ.

  1. කාලීන බදු ක්‍රමයක් යටතේ සකස් කරන ලද භූමිය.
  2. කම්හල් සදහා අවශ්‍ය ප්‍රමාණයේ බලයක් සහිත විදුලිය.
  3. නිසිලෙස සැකසූ අභ්‍යන්තර මාර්ග පද්ධති.
  4. අවශ්‍යතාවයට සරිලන ජල සැපයුම.
  5. පුහුණු නොපුහුණු ශ්‍රමය.

මෙම සැකසුම් කලාපය සඳහා අක්කර 412ක වෙන්කර ආයෝජන මණ්ඩලය වෙත නිදහස් කර ඇත.  කම්හලක් හෝ එක් ආයෝජකයෙක් සදහා අක්. 04ක භූමි ප්‍රදේශයක් වෙන් කිරීමේ ඉලක්කයකින් මෙහි කටයුතු අරඹා ඇත.

අරමුණු :-

  1. ශ්‍රී ලංකා ආර්ථිකයට විදේශ විනිමය ලබා ගැනීම.
  2. සේවා වියුක්තිය අවම කරන රැකායා සැපයීම් අවස්ථා උදා කර ලීම.
  3. සමස්ථ ආර්ථිකයේ සංවර්ධනයක් ඇති කිරීම.
  4. ප්‍රාදේශීය වශයෙන් ඉංගිරිය ප්‍රදේශයේ ජනතාව වෙත යහපත් ආර්ථිකයක් ලගා කර දීම.

හොරණ අපනයන සැකසුම් කලාපය

අනු අංකය

ආයතනයේ  නම

නිෂ්පාදනය ද්‍රව්‍ය

ආරම්භක වර්ෂය

සේවක සංඛ්‍යාව

දුරකථන අංකය

01

යූ.සී.ඒ. ලංකා ප්‍රයිවට් ලිමිටට්

සින්ක් ඔක්සයිඩ් නිෂ්පාදනය

2008

13

034-2255200

02

HDDES EXTRACTS (PRT) LTD

කුළුබඩු සදහා සුගන්ධ තෙල් නිෂ්පාදනය

2001

120

011-2436739

03

INOAC POLYMER LANKA (PRT) LTD

ස්පොන්චි නිෂ්පාදනය

2013

50

034-2255944

04

මර්බොක් ලංකා ප්‍රයිවට් ලිමිටට්

එම්.ඩී.එෆ්. බෝඩ් නිෂ්පාදන

2001

250

034-2255518

05

ඇග්‍රොමේට් ඒෂියා ප්‍රයිවට් ලිමිටට්

සින්ක් ඔක්සයිඩ් නිෂ්පාදන

2002

21

034-2255507

06

ටයාන් ලංකා ප්‍රයිවට් ලිමිටට්

යකඩ බාර් නිෂ්පාදන

2011

78

077-2288662

07

සිමෙට් පුද්ගලික සමාගම

කොපර් (තඹ) බාර් නිෂ්පාදන

2002

45

034-2255515

08

යුනිලීව ශ්‍රී ලංකා පුද්ගලික සමාගම

පාරිභෝගික භාණ්ඩ (සබන්,සුවද විලවුන්,මාමයිට්)

2011

1035

-

09

RELISH CULIMY SOLUT IONS

ආපන ශාලාව

2011

33

011-2823448

10

RPC පොලිවර්ස් පුද්ගලික සමාගම

වතුර ටැංකි හා සෘජු ෆෝම් නිෂ්පාදනය

2006

128

011-4310500

11

නැචුරප් ස්පෝට් ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම

ඇගුළුම් උපාංග

2001

135

034-2255780

12

කෙවින් කෙයා පුද්ගලික සමාගම

ෂැම්පො වර්ග නිෂ්පාදනය

2011

18

011-1340510

13

HERT THGF ප්‍රමිය පුද්ගලික සමාගම

සිලොන්ටා ලාඕජී තේ කොළ නිෂ්පාදන

2012

67

034-2255694

14

සන්රිච් කන්ට්‍රස් පුද්ගලික සමාගම

බිස්කට් වර්ග

2006

80

034-2258105

15

ස්ටයිලීස් ගාමන්ට් පුද්ගලික සමාගම

ඇගළුම් නිෂ්පදන

2011

600

034-2255382


වගවත්ත කර්මාන්ත උද්‍යානය

අනු අංකය

ආයතනයේ  නම

නිෂ්පාදනය

නිෂ්පාදනය තත්ත්වය

සේවක සංඛ්‍යාව

අදාල නිලධාරීයා සහ දුරකථන අංකය

01

එකෝ පේපර්ස් පුද්ගලික සමාගම

කඩදාසි

ආරම්භ කර ඇත

33

ශාන්ත සිරිවර්ධන 077 1053610

02

පිරමාල් ග්ලාස් සිලෝන් සමාගම

වීදුරු

ආරම්භ කර ඇත

418

යූ.පී හෙට්ගේ 077 7689050

03

ඩිජිටල් ඉනජියරින් පුද්ගලික සමාගම

ලිසි තෙල් නිෂ්පාදනය

ඉදිවෙමින් පවතී

ඊ. විමල් පෙරේරා 011 2705920, 072 7199422

04

මාර්ග සංවර්ධන අධිකාරිය

පෙරමුස් නිෂ්පාදන

ඉදිවෙමින් පවතී

දමිත් රුද්‍රිගූ  077 7233431

05

බස්නාහිර පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය

පෙරමුස් නිෂ්පාදන

ඉදිවෙමින් පවතී

ටී.ජී.චානක දිල්රුවන් 077 3371599

06

අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරන අංගනය

කාබනික පොහොර නිෂ්පාදනය

ඉදිවෙමින් පවතී

ප්‍රියන්ත රත්නසේකර 034 2264168,077 4182227

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ කම්හල් ඉදිකිරීම සදහා සැලසුම් ඉදිරිපත් කිරීමේදී ඒ ඒ කම්හල් සේවකයන්ගේ සුභ සාධන කටයුතු මෙන්ම ඔවුන්ට අවශ්‍ය වාතාශ්‍රය නොඅඩුව ලබා දීමට පොරොන්දු ගත ගිවිසුම් වලට එලඹේ.


පරිසර හානි

දැනට වැඩ අරඹා ඇති මෙම කලාපයේ භූමි භාගය මහා පරිමාණ රබර් වගාවකින් යුක්ත විය. එම සියළුම වගාවන් දැනට සහමුලින්ම ඉවත් කර ඇති අතදේශයේ වැඩි සූර්ය පතනයක් මෙන්ම වැසි කාලවලට දැඩි ලෙස සෘජුව පොළවට වැස්ස පතිත වීම සෝදා පාළුවට  ද හේතු වී ඇත.

මෙම තත්ත්වයට වඩා පරිසරයට හා මිනිස් පැවැත්මට හානිකර දුම් පටලයක් මෙහි කම්හල් මගින් පිට කරන බැව් දැනට ප්‍රදේශවාසීන් විසින් පැමිණිලි කර ඇත.

ආයෝජන මණ්ඩලය මෙන්ම පරිසර අධිකාරියේ නියමයන්ට අනුව අඩි 60ක් උස දුම් බටමගින් දැනට මෙම අපිරිසිදු දුම් පටලය පිට‍ කෙරේ. එසේ වුවද කම්හල් පිහිටි භූමි භාගයට වඩා උස් වූ භූමි ප්‍රදේශයන් වටේටම පිහිටා ඇති අතර එය ප්‍රදේශයේ අධික ජනගහනයක් ඇති ගම්මානයකි.

දැනට යොජනා වී ඇති ආකාරයට ක්‍රියාත්මක වෙමින් පවතින කම්හල් වලින් බොහොමයක් තඹ ආශ්‍රිත නිෂ්පාදන කෙරෙන අතර මේ සදහා යොදා ගන්නා පෝරුණු සහ ඉන්ධවෙනස් කිරීමට බලාපොරොත්තු වේ.

සේවක හිමිකම් හා පරිසර හානි කර තත්ත්වයන් පිළිබද මාසික පරීක්ෂණ මෙහෙය වීම ආයෝජන කලාප කාර්යාලයෙන් සිදු කෙරේ.