Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

Tourism

සංචාරකයින්ගේ අවධානයට යොමු වන ස්ථාන

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දේශීය සංචාරකයින්ගේ මෙන්ම විදේශීය සංචාරකයින්ගේ අවධානයට යොමු වන විශේෂිත ස්ථාන කිහිපයකින්ම සමන්විත වේ.

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන සංචාරක හෝටල් පහත ලේඛණය මගින් දැක්වේ.

  1. සිටිසන් රෙස්ට්             - ඇලබඩපාර, ඉංගිරිය

එම                        - පානදුර පාර , ඉංගිරිය

  1. ගංතෙර වලව්ව රෙස්ට්    - පානදුර පාර , ඉංගිරිය
  2. හංස විලේජ්               - පන්සල පාර, හදපාන්ගොඩ
  3. තෙවුනි                    - අරකාවිල, හදපාන්ගොඩ
  4. නිසල රැය                 - පොරුවදණ්ඩ, හදපාන්ගොඩ

6   රංගන රෙස්ට්                - මානාන,පෝරැවදණ්ඩ

7   සුහද රෙස්ට්                  - සොයිසාවත්ත

8   ඉදුනිල් රෙස්ට්               - මානාන

9   සලලාන රෙස්ට්              - බොරැලුගොඩ

10 ඔය අද්දර රෙස්ට්            - රත්මල්ගොඩ

11 නේචර් ලවර්ස්                - වගවත්ත

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංචාරකයින්ගේ අවධානයට යොමු වන ස්ථාන වන්නේ පහත ස්ථානයන්ය.

  1. මඩකඩ ආරණ්‍ය සේනාසනය               - ඉංගිරිය
  2. බෝධිනාගල ආරණ්‍ය සේනාසනය         - ඇදුරාගල
  3. පරෙයිතොට නාන තොටුපළ               - නම්බපාන
  4. කුරා උඩ ඇල්ල                             - කුරණ
  5. ඌරුගල හොලොම්බුව                     - ඌරුගල නැගෙනහිර

 

බෝධිනාගල ආරණ්‍ය සේනාසනය

ඉංගිරිය හොරණ මාර්ගයේ සැතපුම් 2 ¼ ගිය තැන වම් අතට හැරී පාරේ සැතපුම් 1 ½   විට මෙම ආරණ්‍ය සේනාසනය හමු වේ. දොඹගස් කන්ද රක්ෂිත වනාන්තරය තුළ පිහිටා ඇති මෙම රමණීය පුද බිම ඉතාමත් සුන්දර පරිසරයක් තුළ පිහිටි ශාන්ත බිම් කඩකි.

මෙහි මනරම් වනපියස දකුණු, ගිණිකොන දෙසින් සුන්දර වූ කළු ගංගාව ගලා බසින අතර එකී දකුණු, ගිණිකොන කලාපයද බෑවුම් සහිත ඖෂධ පැල හා ප්‍රදේශයට ආවේණික පහතරට තෙත් කලාපීය ශාඛයගෙන් ගහන ප්‍රදේශයකි. මෙම ආරණ්‍ය සේනාසනය තුළ තැනින් තැන පිහිටි ලෙන් තුළ භාවනානු යෝගීව වැඩවසන භික්ෂූන් වහන්සේලා 20 – 25 පමණ වැඩ සිටින අතර උන්වහන්සේලා දානය පිළිගන්නා අවස්ථාවෙහි දී පමණක් කුටි වලින් පිටතට පැමිණ නැවත වන ගත කුටි වලට පිටත්ව යති.

ඉතාමත් ශාන්ත හා දැඩි ආරක්ෂිත භූමි ප්‍රදේශයක් වන මෙම වනගත සේනාසනය නැරඹීමටද දේශීය විදේශීය සංචාරාකයින්  විශාල වශයෙන් පැමිණෙමින් පවතී.

මඩකඩ ආරණ්‍ය සේනාසනය

ඉංගිරිය නගරයේ සිට පාදුක්ක (කොළඹ) මාර්ගයේ සැ. 1ක් පමණ ගොස්  මහ ඉංගිරිය මංසන්ධියෙන් දකුණු දෙසට ඇති කීනගහවිල මාර්ගයේ සැ.1 ½ ගිය තැන මෙම ආරණ්‍ය සේනාසනය හමු වේ.

එහි ප්‍රධාන ගල් ලෙන තුළ බුද්ධ ප්‍රතිමාවන් ඇතුළු ආකර්ෂණීය සිතුවම් හා මල් වලින් සැරසී ඇති අතර ඒ  ආසනයේ භාවනා කුටි 12 – 15 අතර ප්‍රමාණයක් පිහිටා ඇත. මෙකී ආරණ‍්‍යයේ භික්ෂූන් වහන්සේලා 15 -20ත් අතර ප්‍රමාණයක් භාවනා යෝගීව වැඩ සිටිති.

රක්ෂිත වන ගත පෙදෙසක පිහිටා ඇති මෙම ස්ථානය වටා ගලා බසින නාච්චිමලේ දොළ (නම්බපාන ඇළ) ඉතාමත් සුන්දර දිය දාරා වලින් ගහන තැන තැන පැහැදිලි වතුරෙන් පිරි ගල් කටාරම් සහිත අති සුන්දර දොළ පහරකි. මෙම දිය පහර වල දිය නෑම සදහා දිනපතා දහස් ගණන් දේශීය විදේශීය සංචාරකයින් පැමිණෙන අතර ඔවුහූ ආරණ්‍ය සේනාසනය නැරඹීමටද අමතක නොකරති. මෙම ආරණ්‍යයේ ආරම්භය 1940 දශකය දක්වා දිව යන අතර එකී  කාලයේ සිට මේ දක්වා එහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලා ප්‍රමාණය සියගණන ඉක්මවයි. තවද මෙම ආරණ්‍ය අයත් කලාපය ඉතා සන්සුන් ප්‍රදේශයක් වන අතර ආවේණික වෘක්ෂලතා දේශීය ඖෂධ පැළ පක්ෂීන්, දුර්ලභ සමනළ වර්ග, වන සතුන් හා සත්‍ව විශේෂයන්ගෙන්ද ගහන ඉතා සුන්දර පෙදෙසකි.


ඌගල හොලොම්බුව

සිංහල රජ සමයේ සිට ඉංග්‍රීසි පාලන යුගය දක්වා ප්‍රධාන මංමාවත් රටාව බිහිවන තෙක් සබරගමුවෙ සිට වෙරළ බඩ ගම් දනව් කරා භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගෙන තිබුණේ ගංගා මාර්ග වන අතර ඉන් ප්‍රධාන  වන් කළු ගගේ ඉංගිරියට ආසන්නව අදාල හොලොම්බුව පිහිටා ඇත.

ඉංගිරිය සිට රත්නපුර මාර්ගයේ සැතපුම් 2ක් පමණ  තැන මෙම ස්ථානය හමු වන අතර ගග දිගේ බඩු ප්‍රවාහණය  ලද ඔරු පාරු නැවතුම් මධ්‍යස්ථානයක් ලෙස මෙම හොලොම්බුව සදාගෙන ඇත.

නම්බපාන ඇල කළු ගගට වැටෙන ගංගා මෝයේ විශාල වක්කලම පිහිටිස්ථානය ‍  මෙසේ හොලොම්බුව වශයෙන් හදුන්වන අතර එහි ඉන් විශාල ඉඩ කඩ මෙන්ම ඒ ආසනයේ ඉවුරේ පිහිටි ගල් පරය නිසා අදාල පාරු කරුවන්ගේ ගිමන් හල ලෙස මේ ස්ථානය යොදා ගන්නට බෙහෙවින් ඉවහල් වී ඇත.

දැනට ඉතා කලාතුරකින් ගගේ දිවෙන පාරුකරුවන්ගේ නවාතැන් පලක් වන මෙම ස්ථානය විදේශීය සංචාරකයින්ගේ ද සිත් ගත් තැනකි.


පරෙයිතොට

ඉංගිරිය නගරයේ සිට රත්නපුර මාර්ගයේ සැතපුම් 1ක් ගොස් වමට ඇති නම්බපාන පාසැල් මාවතේ සැතපුම්  ½ක්  ගිය තැන මෙම ස්ථානය හමු වේ. නම්බපාන ඇලේ පිහිටි විශාල ස්ථානය තොටුපළක් වන මෙම ස්ථානය සුන්දර බවින් පිරිපුන් තැනකි. ඒ ආශ්‍රිතව පිහිටා ඇති පරිසරයද ඉතාමත් අලංකාර වන බැවින් මෙම ස්ථානයට දිය නෑමට පැමිණෙන සංචාරක පිරිස බොහෝය. තවද මෙම තොටුපළට යාබදව  ඇල මාර්ගයේ පිහිටා ඇති කුඩා ඇල මාර්ගයේ පිහිටා ඇති කුඩා තොටුපළවල් හා දිය දාරාවලින් මෙම ස්ථානය තවත් අලංකාර වේ.

එහෙත් දිනපතා මෙම ස්ථානයේ දිය නෑමට හා විනෝදයට පැමිණෙන දහස් සංඛ්‍යාත පිරිස් මෙම සුන්දර පරිසරයට  විනාශය සුළු පටු නොවේ. ඔවුන් විසින් රැගෙන එන පොලිතින්  හා බෝතල් බිද තැන තැන දැමීමෙන් විශාල ලෙස පරිසරය අපවිත්‍ර කරති. මෙම අනතුරු දායක තත්ත්වය  හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට මෙන්ම සංචාරක පිරිස්වලටද මහත් දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇති බැවින් පාරිසරික බලධාරීන්ගේ අවදානය මෙම ප්‍රදේශය වෙත යොමු කිරීමට කාලය එළඹ ඇත.


කුරා උඩ ඇල්ල

ඉංගිරිය නගරයේ සිට සැතපුම් 04ක් පමණ ගොස් හදපාන්ගොඩ කොටිගල මංසන්ධියෙන් දකුණට සැතපුම් 1 ½ක් ගිය තැන මෙම  හමු වේ.  රක්ෂිත වනයේ ගිරංචි කන්දෙන් පටන් ගන්නා කුඩා දිය පහර මැද භාගයේ මෙම ඇල්ල පිහිටා ඇත. මෙම දිය ඇල්ල මෑත කාලය වන තුරුත් වැඩි ප්‍රසිද්ධියක් නොතිබුණද දැන් දැන් මෙම සුන්දර ස්ථානය දැක බලා ගැනීමට පැමිණෙන ජනතාව වැඩි වෙමින් පවතී. මෙම දිය ඇල්ල  පිහිටි රජයේ රජයේ රක්ෂිත වනාන්තරය තුලද තෙත් කලාපීය දුර්ලභ ශාඛයන් ද විවිධ ඹෟෂධ පැලෑටි ද බොහෝ සේ දැකිය හැකි අතර ප්‍රදේශයට ආවේණික කුරුළු හා සත්ත්ව කොට්ඨාස ද මෙහි ජීවත් වෙති.


හොරකැලේ රක්ෂිතය

ඉංගිරිය හදපාන්ගොඩ මාර්ගයේ සැතපුම් 6ක් පමණ ගිය විට හමුවන මෙම ස්ථානය පරිසර සංවේදී තැනකි. දකුණු ආසියාවේ වැඩිම හොර ගස් මෙම භූමියේ ඇති බව සදහන් වේ. ඉතා දැකුම්කළු ස්ථානයකි. මීට අමතරව තවත්  දුර්ලභ ශාක මෙම රක්ෂිතය තුළ ඇත.