Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

Telecommunication

විදුලි සංදේශ


ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෑම ග්‍රාම නිලධාරී වසමකම දුරකථන පහසුකම් ව්‍යාප්තව ඇත. ප්‍රධාන හුවමාරු මධ්‍යස්ථාන දෙකක් මගින් ප්‍රදේශයේ දුරකථන අවශ්‍යතාවයන් සම්බන්ධීකරණය කරනු ලැබේ. එම මධ්‍යස්ථාන දෙක  ඉංගිරිය හුවමාරු මධ්‍යස්ථානය,  හදපාන්ගොඩ හුවමාරු මධ්‍යස්ථානය

දැනට ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  තුළ දුරකථන පහසුකම් බහුතර නිවැසියන් පිරිසකට හිමිව ඇත. ෆැක්ස් ,ඊ මේල් හා වෙබ් අඩවි නිර්මාණයද  දක්නට ලැබේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා සන්ටෙල් සමාගම මගින් සන්නිවේදන පහසුකම් ලබා දෙනු ලබයි. ජංගම දුරකථන භාවිතය සෑම පුද්ගලයෙක් අතරම පැතිර යමින් පවතී.

විදුලි සන්දේශ සේවාව වඩාත් පුළුල් කරමින් දැනට ඇදුරාගල හා සපුගහගොඩ යන කදු පන්තීන්හි සන්නිවේදන කුළුණු පිහිටුවා  ඇත.