Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

Postal Service

තැපැල් සේවය

ඉංගිරිය නගර මධ්‍යයේ ප්‍රධාන තැපැල් කාර්යාලය පිහිටුවා ඇත. මෙය පළමු වන ශ්‍රේණියේ කාර්යාලයකි.

කාර්ය මණ්ඩලය

තනතුර                        නියමිත සංඛයාව               සිටින සංඛ්‍යාව

  1. තැපැල් ස්ථානාධිපති                    01                              01
  2. කවුළු රාජකාරී නිලධාරීන්              02                              02
  3. තැපැල් කරුවන්                        08                              08
  4. විදුලි පණිවිඩ කරුවන්                  01                              01
  5. කාර්යාල කාර්ය සහායක               01                               01
  6. තැපැල් පෝටර්                         01                               01
  7. මුරකරු                                  -                                  -
  8. ලියාපදිංචි ආදේශකයන්                02                               02
  9. බාහිර කම්කරු                          01                               01

මෙහි අංක 3 සිට 7 දක්වා සේවකයින් කිසිවෙකු හෝ නිවාඩු ගැනීමෙන් හෝ නොපැමිණියහොත් හෝ එම ඇබෑර්තු සදහා ලියාපදිංචි ආදේශකයන් යොදවනු ලැබේ.

මේ හැර 1 හා 2ට වැටෙන නිලධාරීන්ගෙන් එකවරට දෙදෙනෙකු නිවාඩු ලබා ගත හොත් එම රාජකාරී ආවරණය සදහා පිට තැපැල් කාර්යාලයකින් නිලධාරීන් යෙදවීම සිදු කෙරේ.එසේ නොහැකි විට තැපැල් ස්ථානාධිපති විසින් එම සේවා ආවරණය කරයි.

 

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ තවත්  උප තැපැල් කාර්යාල දෙකක් ක්‍රියාත්මක වේ. ඒවා නම්,

01  හඳපාන්ගොඩ  උප තැපැල් කාර්යාල

02 මාපුටුගල උප තැපැල් කාර්යාල  වේ.

එසේ වුවද මින් හදපාන්ගොඩ උප තැපැල් කාර්යාලය පාදුක්ක   තැපැල් බල ප්‍රදේශය මගින් පාලනය වන අතර  මාපුටුගල උප තැපැල් කාර්යාලයකන් හොරණ තැපැල් බල ප්‍රදේශය  මගින් පාලනය වේ. පෝරුවදණ්ඩ දෙවන පෙළ තැපැල් කාර්යාලයක් වේ.

ඉංගිරිය තැපැල් කාර්යාලයේ ලිපි බෙදීමේ කලාප 7කි. ඒවා නම්,

  1. ඉංගිරිය නගරය

2.  ඌරුගල

3.  නම්බපාන

4.  මඩකඩ

5.  එල්ස්මෝර්

6.  දෙඹගස්කන්ද

7.   ඉමගිර

8.   රයිගම්වත්ත ඇදුරාගල වත්ත ඉංගිරිය වත්ත - වතු ලිපි බෙදීමේ තැපැල්කරු වශයෙනි.