Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

සෞඛ්‍ය පහසුකම්

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ දේශීය වෙදකම මෙන්ම බටහිර වෙදකම ද ඉතාමත් ජනප්‍රිය වේ.


දේශීය වෙදකම

මෙම  කොට්ඨාසය තුළ දේශීය වෛද්‍යවරු රාශියක් සි‍ටින අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පරම්පරාවෙන් එම ක්ෂේත්‍රය වෙත යොමු වූ අයයි. වර්තමානයේ අපේ රටදේශීය වෛද්‍ය ‍ක්ෂේත්‍රයට ඇති වැඩි නැඹුරුව නිසාම අළුතින් මෙම ක්ෂේත්‍රයට යොමු වුණු අයද සිටී. මෙම දේශීය වෛද්‍යවරු අතර වැඩි දෙනෙක් සර්වාංග වෛද්‍ය වරුය. ඊට අමතරව කැඩුම් බිදුම්, විෂ වෛද්‍ය හා චර්ම රෝග වෛද්‍ය ආදී වශයෙන්  කිහිපයකි. මේ අතර ප්‍රසිද්ධ වෛද්‍යවරු කීප දෙනෙකි. එච්.ජයවර්ධන (සර්වාංග), එච්.ආර්. මාගිරිස් (සර්ප විෂ වෛද්‍ය), ආර්.ඒ ආරියසේන එසේ ප්‍රසිද්ධියට පත් අයගෙන් කීපදෙනෙකි. මොවුන්ගෙන් ප්‍රතිකාර ගැනීමට දිවයිනේ හතරදෙසින් රෝගීන් පැමිණෙති. ආයුර්වේද වෛද්‍ය සේවාව පිළිබද   සවිස්තරාත්මක  තොරතුරු තව දුරටත් මෙසේ දැක් විය හැකිය.

 

ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ කාර්යය මණ්ඩලය

1) ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී                         වෛද්‍ය එම්.ඡී.ඩී.කේ.විද්‍යාරත්න

2) සංවර්ධන නිලධාරී                                    ඩබ්.ඒ.කේ.ඒ.දිල්රුක්ෂී

කාර්යය මණ්ඩලයට අමතරව ස්වේච්ජා බලකායක්ද මෛ කාර්යය මණ්ඩලයට අයත් වේ.


ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මගින් සලසන සේවාව

ඉංගිරිය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මගින් මහජන වෙත සලසන සේවාවන් මෙසේ සදහන් කළ හැක.

1.උපදේශන සහ සායන (රෝගී සත්කාර සේවය)

* ජංගම සායන පැවැත්වීම.

2.ප්‍රජා  මූලික දැනුවත් කිරීමේ වැඩසටහන්

3.මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පාසැල් ආශ්‍රිත දැනුවත් කිරීමේ        වැඩසටහන්

4.පාරිසරික සහ ඔසු උයන් පිළිබද වැඩසටහන්

5.දේශීය වෛද්‍ය දැනුම සහ සංස්කෘතික දැනුම සංරක්ෂණය කිරීමේ  වැඩසටහන්

6.ඖෂධ නිෂ්පාදනාගාර ලියාපදිංජියට අදාල කටයුතු

7.ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්තාගෙන යාමට අදාල නෛතික කටයුතු

8.ඩෙංගු රෝග මර්දනයට අදාල කටයුතු

සායන මධ්‍යස්ථාන

ග්‍රාම ලේකම් කාර්යාලය  - රත්මල්ගොඩ සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනකම

(උපදේශන හා සායන මධ්‍යස්ථාන)


කදනපිටිය කණිෂ්ට විදුහල - කදනපිටිය සෑම මසකම තෙවන සෙනසුරාදා

(උපදේශන හා සායන මධ්‍යස්ථාන)


ග්‍රාම ලේකම් කාර්යාලය  - රත්මල්ගොඩ සෑම මසකම දෙවන හා සිවු වන සෙනසුරාදා

(බෝ නොවන රෝග පාලන සායන)

 

ප්‍රඡා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ,ඉංගිරිය - සදුදා,බදාදා.දින බෝ නොවන රෝග පාලන සායන කටයුතු.

බටහිර වෙදකම

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ බටහිර වෛද්‍ය විද්‍යාවේදී ඉතාමත් වැගත් ස්ථානයක් ඉංගිරිය රඡයේ රෝහලට ලැබේ. ඉංගිරිය රෝහල ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිබෙන ප්‍රධානතම සෞඛ්‍ය මධ්‍යස්ථානය වේ’

ඉංගිරිය රෝහලේ කාර්ය මණ්ඩල තොරතුරු

අනු අංකය

තනතුර

සිටින සංඛ්‍යාව

අඩු සංඛ්‍යාව

1

සහකාර හා ලියාපදිංචි වෛද්‍යවරු

04

-

2

වෛද්‍යවරු ප්‍රමාණය

07

-

3

හෙද නිලධාරීන්

23

-

4

ලිපිකරුවන්

02

-

5

වෛද්‍ය රසායනාගාර කාර්මික

-

01

6

රසායනාගාර සහායක

-

01

7

ඖෂධ සංයෝජක

01

8

උපස්ථාන පිරිමි

01

05

9

උපස්ථාන ගැහැණු

07

03

10

සාමාන්‍ය කම්කරු පිරිමි

-

04

11

සාමාන්‍ය කම්කරු ගැහැණු

-

04

12

අරක්කැමි

-

01

13

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

03

01

14

රියදුරු

01

-

15

සෞඛ්‍ය කාර්ය සහායක(කණිෂ්ඨ)

11

-

16

මුරකරු

01

එකතුව

60

20

ඉංගිරිය රෝහලේ පවතින නේවාසික වාට්ටු ගණන 7කි. එයට අමතරව හදිසි ප්‍රතිකාර ඒකක 01ක් ද ඇත. ඉංගිරිය රෝහලේ පවතින ඇදන් ගණන 118 ක් පමණ වන අතර එහි දෛනිකව ප්‍රතිකාර ලබා ගන්නා බාහිර රෝගීන් ගණන 200ක් පමණ වේ. 2015 වර්ෂයේ ප්‍රතිකාර ලැබූ රෝගීන් ගණන 5933 ක් ලෙස රෝහල්ගත ලේඛණවල සටහන්ව ඇත.මෙයට අමතරව රජය මගින් පාලනය කරන දේශීය ආයුර්වේද මධ්‍යස්ථා දෙකක් පිහිටා තිබේ. ඒවා නම්,

1 දේශීය වෛද්‍ය මධ්‍යස්ථානය       -        ඉංගිරිය

2 නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව -       පැල්පිටිගොඩ

3 නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව -       ප්‍ර. සභාව වගවත්ත

4 නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව -       හදපාන්ගොඩ

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික බෙහෙත් ශාලා සංඛ්‍යාව 21 ක් පමණ වේ.

පෞද්ගලික බෙහෙත් ශාලා

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

අනු අංකය

බෙහෙත්  ශාලාවේ නම

ලිපිනය

වෛද්‍ය වරයාගේ නම

01

පොල් ක්ලිනික්

පොලි ක්ලිනික්  රත්නපුර පාර ඉංගිරිය

මැණික් එරන්දිකා ඕවිටආරචිචි

02

ගම්පහ ඔසුසල

4 පටුමග එල්ස්මෝර් ඉංගිරිය

නන්දා ප්‍රේමතිලක

03

ඩිස්පෙන්සරි

රෝහල අසල ඉංගිරිය

ශ්‍රියාංග අබේසෙනෙව්

04

ආයුර්වේද  බෙහෙත් ශාලාව

මෙනේරිගම හදපාන්ගොඩ

සුන්තානන්ද සෙල්ලහේවා

05

සහන්සා ඩිස්පෙන්සරි

අරකාවිල හදපාන්ගොඩ

දයානි කුසුමිසිරි

06

ආයුර්වේද  බෙහෙත් ශාලාව

අරකාවිල හදපාන්ගොඩ

කේඒ හේමමාලිනී

07

ජීවාරත්න ඖෂධාලය

ඉමගිර ජනපදය මහ ඉංගිරිය

බී එල් ප්‍රේමරත්න

08

ඩිස්පෙන්සරි

මහ ඉංගිරිය ඉංගිරිය

ටී රණතුංග

09

ඩිස්පෙන්සරි

රත්නපුර පාර පෝරැවදණ්ඩ

මහේෂ් කරුණාතිලක

10

ඩිස්පෙන්සරි

රත්නපුර පාර පෝරැවදණ්ඩ

නන්දරාණි හෙටිටිආරචිචි

11

ගමලත් බෙහෙත් ශාලාව

පාදුක්ක පාර ඉංගිරිය

ගමලත් පුණ්‍යදාසද සිල්වා

12

ඩිස්පෙන්සරි

රත්නපුර පාර ඌරුගල ඉංගිරිය

ලක්ෂාන් ගුණසේකර

13

සිරි වෙද මැදුර

රත්නපුර පාර ඌරුගල ඉංගිරිය

එන් ජයසිංහ

14

සිද්ධායුර්වේද බෙහෙත් ශෘලාව

රත්නපුර පාර ඌරුගල ඉංගිරිය

ගාමිණි ජයසිංහ

15

ඩිස්පෙන්සරිය

කොටිගල හන්දිය,හදපාන්ගොඩ

දීපානී එදිරිමාන්න

16

ප්‍රාදේශීය සභා ආයුර්වේද බෙහෙත් ශාලාව

හදපාන්ගොඩ

නිලුක්ෂි කුරුප්පු

17

රත්මල්ගොඩ  ඩිස්‍පෙන්සරිය

රත්මල්ගොඩ

ඡනක අමරසිංහ

18

මාපුටුගල ඩිස්පෙන්සරිය

මාපුටුගල හන්දිය

ඩී.ඩී. සේනාධීර

19

ඩිස්පෙන්සරි

රත්නපුර පාර,ඉංගිරිය

රෝහණ රණසිහ

20

සීමෙඩි

නම්බපාන

ලක්ෂාන් සම්පත්

21

මෙඩි හෙල්ප්

ජයලත්ලම පාර

වෛද්‍ය අශෝක

ඉංගිරිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා තිබෙන ලියාපදිංචි ෆාමසි

අනු අංකය

අයිතිකරුගේ නම

ලිපිනය

01

ආර් .එම්. ජයකොඩි

ආසිරි ෆාමසි හා ග්‍රොසරි  74, පානදුර පාර, ඉංගිරිය

02

යූ. ජේ.කීර්තිරාජා

ජගත් ෆාමසි හා පොත් හල   පානදුර පාර, ඉංගිරිය

03

යූ.කේ.දොන් නන්දා

ගාමිණී ෆාමසි,18,රත්නපුර පාර,ඉංගිරිය

04

එච්.ඩී.හේමපාල

විජය ෆාමසි  පානදුර පාර, ඉංගිරිය

05

පද්මිණි ගුණවර්ධන

ප්‍රසාදි ෆාමසි,14/සී,   තානායම් පෙදෙම, ඉංගිරිය

06

ජේ.ඩී.සිසිර

ලයිෆ් මෙඩිකල් ෆාමසි,කොටිගල හන්දිය,හදපාන්ගොඩ

07

ජී. පියතිස්ස

මල්ලිකා ෆාමසි,පංසල හන්දිය,හදපාන්ගොඩ

8

ඒ.අයි. ගමගේ

ආලෝකා ලේත් කෙයාර්,(පුද්.ස.),49/2,රුසිරු උයන ඉංගිරිය

9

ඩී.පී. නිමලසේන

සුව මැදුර,රත්නපුර පාර,ඉංගිරිය

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සෞඛ්‍ය තොරතුරු

සායන මධ්‍යස්ථාන

කදනපිටිය    -        මාතෘ හා ළමා සායනය/පවුල් සංවිධාන සායනය

මහ ඉංගිරිය   -        මාතෘ හා ළමා සායනය/ පවුල් සංවිධාන සායනය

ඉංගිරිය රෝහල-     මාතෘ හා ළමා සායනය/පවුල් සංවිධාන/සුවනාරී

හදපාන්ගොඩ          -        මාතෘ හා ළමා සායනය/ පවුල් සංවිධාන සායනය

රත්මල්ගොඩ-         මාතෘ හා ළමා සායනය/ පවුල් සංවිධාන සායනය

සුවනාරී සායනය-    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

වගවත්ත      -        මාතෘ හා ළමා සායනය

කොටිගල     -        මාතෘ හා ළමා සායනය

සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලීය සායනය  -   මාතෘ හා ළමා සායනය/ පවුල් සංවිධාන සායනය/සුවනාරීසායනය

ඌරුගල -              මාතෘ හා ළමා සායනය

රයිගම්වත්ත -         මාතෘ හා ළමා සායනය

 

කාර්ය මණ්ඩලය

අනු අංකය

තනතුර

සංඛ්‍යාව

රාජකාරී ස්ථානය

01

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී

01

02

අතිරේක  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී

01

03

මහජන සෞඛ්‍ය හෙදි සොයුරි

01

ඉංගිරිය

04

මහජන සෞඛ්‍ය පරීක්ෂක

03

රත්මල්ගොඩ, ඉංගිරිය, පෝරුවදණ්ඩ

05

පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

01

සෞඛ්‍ය වෛ. නිලධාරී කාර්ලය - ඉංගිරිය

06

පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක

01

07

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන්

19

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

01

වගවත්ත

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

01

අරුණගම

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

01

පෝරුවදණ්ඩ

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

01

රත්මල්ගොඩ

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

මාපුටුගල

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

01

බටුගම්පල

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

01

හදපාන්ගොඩ

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

01

අරකාවිල

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

01

කොටිගල

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

01

ඌරුගල

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

01

ඉංගිරිය

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

01

ඇදුරගල

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

01

මහ ඉංගිරිය

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

01

කදනපිටිය

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

01

දොඹගස්කන්ද

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

01

නම්බපාන

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

01

නිමලගම

08

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

01

රයිගම්වත්ත

09

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී

පැල්පිටිගොඩ

10

සැලසුම් හා වැඩ සටහන් සහකාර

01

11

පාසල් දන්ත චිකිත්සක

02

12

කළමනාකරණ සහකාර

01

13

රියදුරු

01

14

මුරකරු

-

15

කණිෂ්ඨ කාර්ය මණ්ඩලය

05

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෞඛ්‍ය සේවාවන් සැපයීම  ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හා ඉංගිරිය දිස්ත්‍රික් රෝහලෙන් සිදු කරනු ලබයි. මෙහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් රෝග වැලැක්වීමේ කටයුතු ද, දිස්ත්‍රික් රෝහලෙන් රෝග සදහා ප්‍රතිකාර කිරීමද සිදු කරනු ලබයි. රෝගීන් සදහා වැඩිපුර ප්‍රතිකාර ලබා ගැනීම හොරණ මූලික රෝහලෙන් සිදු කර ගනී.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සපයනු ලබන ප්‍රධාන සේවාවන් පහත සදහන් පරිදි දැක්විය හැක. මෙම සියළුම සේවාවන් ප්‍රජා මට්ටමින් සපයනු ලබයි.

එම සේවාවන් :-

  1. මාතෘ, ළමා, පවුල් සංවිධාන හා සුවනාරී සායන පැවැත්වීම.
  2. පාසල් වෛද්‍ය පරීක්ෂණය
  3. බෝවන රෝග විමර්ශනය හා වැලැක්වීමට පියවර ගැනීම.
  4. ආහාර සෞඛ්‍ය  සදහා කටයුතු කිරීම.
  5. සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීම / ප්‍රජාව දැනුවත් කිරීම.
  6. ප්‍රජා සුව සේවා වැඩ සටහන් පැවැත්වීම
  7. වැඩිහිටියන් සුරැකීමේ වැඩසටහන් පැවැත්වීම.
  8. මානසික සෞඛ්‍ය සුරැකීම සදහා කටයුතු කිරීම.
  9. කාර්ය මණ්ඩලය පුහුණු කිරීම
  10. සුනඛයින් එන්නත් කිරීම හා අයාලේ යන සුනඛයින් වන්ධ්‍යාකරණය  කිරිම.
  11. අමතරව පැවැත්වෙන සෞඛ්‍ය වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.

උදා :- ඩෙංගු මර්දන කටයුතු

ගංවතුර සායන

 

විශේෂ අවස්ථා සායන

  1. පරිසර සෞඛ්‍ය කටයුතු.
  2. යොවුන් හවුල ක්‍රියාත්මක කිරීම.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස එම කොට්ඨාසයේ පරිපාලනය මාතෘ හා ළමා සංරක්ෂණය, ක්ෂේත්‍ර නිලධාරීන් අධීක්ෂණය, ප්‍රදේශයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශ සමග සම්බන්ධතාවය පවත්වා ගැනීම, පාසල් වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම, සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු, පසු විපරම්කටයුතු, පුහුණු කිරීමේ කටයුතු කිරීම ප්‍රධාන වශයෙන් සිදු කරනු ලැබේ.

ක්ෂේත්‍රයේ සේවාවන් සිදු කරනු ලබන  නිලධාරීන් මසකට වරක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවත්වනු ලබන මාසික රැස්වීමට සහභභාගී වේ. මෙහිදී ප්‍රධාන වශයෙන් දැනුවත් කිරීමේ දේශන, ක්ෂේත්‍ර කටයුතු ඇගයීම, ඔවුන්ගේ සෞඛ්‍ය අධ්‍යාපන සම්බන්ධව කටයුතු වැඩි දියුණු කිරීම ඉදිරි වැඩ සැලසුම් කිරීම හා  ක්ෂේත්‍ර ගැටලු සාකච්ඡා කිරීම සිදු කරනු ලැබේ.

මහජන සෞඛ්‍ය හෙදි සොයුරියන් ප්‍රධාන වශයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන් ගේ අධීක්ෂණ කටයුතු ළමා, පවුල් සංවිධාන හා සුවනාරී සායන පැවැත්වීම, සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු, ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වැඩ ඇගයීමේ කටයුතු තොරතුරු වාර්තා ගතකර ජාතික මටිටමට ලබා දීම විශේෂිත සායන කටයුතු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන්පුහුණූ කටයුතු   සිදු කරනු ලැබේ.

පරිපාලන පවුල් සෞඛ්‍ය නිලධාරිණීන් ප්‍රධාන වශයෙන් පවුල් සෞඛ්‍ය නිලධාරිණීන්ගේ කටයුතු අධීක්ෂණය සිදු කරනු ලැබේ.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන් විසින් ගෘහ පිවිසීම සිදු කරනු ලබන අතර මාතෘ ළමා හා වැඩිහිටි සංරක්ෂණය ඔවුන් විසින් ලබා දේ. මෙහිදී ප්‍රධාන ප්‍රසව හා පසු ප්‍රසව සංරක්ෂණය ලබා දීම , ළදරු ළමා ලියා පදිංචිය, පවුල් සංවිධාන උපකරණ බෙදා දීම, සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම ක්ෂේත්‍රයේදී සිදු කෙරේ. එමෙන්ම කරන ලද සේවාවන් පිළීබදව තොරතුරු වාර්තාගතකර ලබා දීමද සිදු කරයි .

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ප්‍රධාන වශයෙන් ආහාර සෞඛ්‍ය, පරිසර සෞඛ්‍ය, බෝවන රෝග විමර්ශනය, සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු සිදු කරනු ලැබේ. මෙහිදී වෙළද සැල් පරීක්ෂාව, ආහාර සාම්පල් ගැනීම, අවශ්‍ය නීතිමය කටයුතු සිදු කිරීම, ආහාර සෞඛ්‍ය යටතේ ප්‍රධාන වශයෙන් සිදු කෙරේ.

පරිසරයේ පවිත්‍රතාවය රැක ගැනීම, බෝවන රෝග පැතිරීම වැලැක්වීම සදහා පියවර ගැනීම ද ඔවුන්ගේ රාජකාරී අතුරින් ප්‍රමුඛස්ථානය ගනී. සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු  යටතේ වෙළදසැල් හිමියන් සදහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම හා අනෙකුත් කටයුතු අඩංගු වේ.

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පවත්වනු ලබන මාතෘ සායන වල  මව් වරුන්ගේ බර කිරීම, මුත්‍රා පරීක්ෂාව, රුධිර වර්ගය  වී.ඩී.ආර්.එල්. හා හිමෝග්ලොබින් පරීක්ෂාව, කලලයේ වර්ධනය මැනීම, අවශ්‍ය අවස්ථා වලදී  විශේෂඥ ප්‍රතිකාර සදහා යොමු කිරීම, සෞඛ්‍ය අධ්‍යාපනය සිදු කිරීම කරනු ලැබේ. ළමා සායන වලදී මාස 06 ට අඩු  ළදරුවන්ගේ බර කිරීම  (මාස 06 සිට අවු : 5 දක්වා දරුවන්ගේ බර ක්ෂේත්‍රයේදී කරනු ලැබේ.) ප්‍රතිශක්තීකරණය, ත්‍රිපෝෂ ලබා දීම සිදු කරනු ලැබේ. ළදරුවන් පරීක්ෂා කිරීම පවුල් සංවිධාන සායන වලින්  ඒ සදහා අවශ්‍ය උපදෙස් හා අවශ්‍ය සේවය ලබා ගත හැක.

සුවනාරී සායන වලින් වයස අවු. 35 – 65 අතර කාන්තාවන් පරීක්ෂාවට භාජනය කරනු ලබන අතර ඔවුන් හට දියවැඩියාව, අධික රුධිර පීඩනය, පියයුරු

ගැට වැනි අවස්ථා ඇත්දැයි පරීක්ෂා කිරීම හා ගැබි ගෙල පිළිකා හදුනා ගැනීම පිණිස පැප් පරීක්ෂාව   සිදු කරනු ලබයි.

මෙම කොට්ඨාසය තුළ හදුනාගත් ප්‍රධාන ගැටළු සෞඛ්‍ය ලෙස දැක්විය හැක්කේ ළමා මන්ද පෝෂණය, ගැබිණි මව්වරුන්ගේ නීරක්තිය, පාසැල් දරැවන් තුළ මන්ද පෝෂණය, අයඩීන් ඌණතාවය, පාසැල් ළමුන්ගේ දන්ත ව්‍යසනය , කර්මාන්ත ශෘලා වලින් සිදු වන පරිසර දූෂණය, වැසිකිලි අඩුකම, ප්‍රජාව තුළ සෞඛ්‍ය සුරැකීම පිළිබද දැනුම අඩු කම  හා අඩු වයස් ගැබ් ගැනිම් ආදිය වේ.

ලියාපදිංචි සෞඛ්‍ය තොරතුරු

අනු අංකය

තොරතුරු

2015

1

ලියාපදිංජි මව්වරු සංඛ්‍යාව

889

2

ලියාපදිංජි උපත් සංඛ්‍යාව

801

වාර්තා කරන ලද බෝවෙන රෝග

( ප්‍රධාන වර්ග පහ)

1

ඩෙංගු

55

2

මී උණ

43

3

අතීසාරය

12

4

බෝවෙන සෙංගමාලය

05

5

ක්ෂය රෝගය

33

6

අඩු වයස් ගැබ් ගැනීම

35

7

ළදරු මරණ

05