Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

Water Supply

ජල සැපයුම

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  මායිමෙන් කළු ගග ගලා බසින අතර ප්‍රදේශය පුරා ව්‍යෘප්තව තිබෙන විවිධ ඇල මාර්ග පද්ධති මගින් ගගට ජලය ගලා බසී.එහිදී විශේෂ වන්නේ නම්බපාන ඇල, ඉංගිරිය ඇල හා මාවක් ඔයයි.

වාරි මාර්ග

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැල්පිටිගොඩ ග්‍රාම නිලධාරී වසමේ අත්හරින ලද කුඩා ප්‍රමාණයේ වැවක් ඇත. එම වැව මගින් කුඹුරු අක්කර 15 පමණ ප්‍රමාණයක් වගා කළ හැකිය.

පානීය ජලය

මෙම කොට්ඨාසේ පානීය ජලය ලබා ගන්නා මූලාශ්‍රයන් පහත වගු සටහන මගින් පෙන්නුම් කරයි.

ජල මූලාශ්‍රය

පවුල් සංඛ්‍යාව

නල ජලය

3386

අනාරක්ෂිත ළිං

397

ආරක්ෂිත ළිං

7613

නල ළිං

176

පොදු ළිං

232

වෙනත්

144