Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

පාරිසරික ගැටළු

දැනට මෙම කොට්ඨාශය තුළ ඇති වී තිබෙන පාරිසරික ගැටළු පහත දැක්වෙන ආකාරයට ප්‍රමුඛතා ගත කළ හැකිය.

  • ගං ඉවුරු ඇල මාර්ග ඛාදනය
  • කර්මාන්ත ශාලා මගින් නිකුත් කෙරෙන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීය නොකර පරිසරයට මුදා හැරීම
  • කර්මාන්ත ශාලා මගින් නිකුත් කරන ශබ්ද දූෂණය
  • පාංශු ඛාදනය
  • මැසි මදුරු උවදුර
  • පොලිතින් භාවිතය
  • ජලය දූෂණය වීම

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ දැක ගත හැකි ප්‍රධාන පාරිසරික ගැටළුවක් ලෙස ඇල මාර්ග ගං ඉවුරු ආදි‍යෙන් වැලි ගොඩ දැමීම දැක්විය හැක.මෙම කොට්ඨාශය හරහා ගලා බස්නා කළු ග‍ඟෙන් විශාල වශයෙන් වැලි ගොඩ දැමීම සිදුවේ.ඊට අමතරව නීතිමය වශයෙන් බලපත්‍ර ලබා දී නොමැති ඇල මාර්ග වලිනුත් , ඇල මාර්ග ආශ්‍රිත කුඩා දිය පහරවල් වලිනුත් වැලි ගොඩ දැමීම බහුල වශයෙන් දක්නට ලැබේ. වැලි ඉවත් කිරීමේදී අදාල නීති රීති පිළී නොපැදීම ඉවුරු ඛාදනයට මූලික හේතුව වී තිබේ. ගං ඉවුරු ඩොසර් කිරීමත්, වැලි ඉවත් කිරීමේ යන්ත්‍ර ගඟට බැස්සවීමත් නිසා ගංඟාවල ජලය විශාල වශයෙන් දූෂණයට ලක් වේ. එමෙන්ම වැඩිපුර වැලි ඉවත් කිරීම නිසා ගංඟාවල ගැඹුර වැඩි වී රළ පහර වැඩි වීම, ඉවුරු ඛාදනය වැඩි වශයෙන් සිදු වීමට හේතු වේ. ගංඟා ඉවුරු ආරක්ෂක ශාඛ විනාශ වී යාමත් නැවත එම ශාඛ සිටුවීමේ ක්‍රියාත්මක  වැඩ පිළිවෙලක් නොතිබීමත් ගංඉවුරු ඛාදනයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. වැලි ගොඩ දැමීම නිසා භූගත ජල මට්ටම පහළ බැසීම සීඝ්‍රයෙන් සිදුවී ගෙන යන අතර ළීං වල ජල මට්ටම අඩු වී ගෙන යාම නිසා ඉදිරියේදී පානීය ජල ගැටළුවක් ඇති විය හැකිය.

මෙම කොට්ඨාසය තුළ දැක ගත හැකි තවත් පාරිසරික ගැටළුවක් ලෙස කර්මාන්ත ශාලා වලින් නිකුත් කරන අපද්‍රව්‍ය කලින්ම පරිසරයට මුදා හැරීම දැක්විය හැකිය. විශේෂයෙන්ම මෙම ගැටළුව වඩාත්ම උත්සන්න වී ඇත්තේ රබර් කර්මාන්ත ශාලා මූලික කොටගෙනය. රබර් කර්මාන්ත ශාලා මඟින් නිකුත් කරන අපද්‍රව්‍ය (ඉවතලන කිරි සහ ඔට්ටපාලු වතුර) සෘජුවම අවට පරිසරයට එක් කිරීමත් ඒවා අවසානයේ ඇල ,දොළ,ගංඟා මාර්ග වලට එකතු වීමත් හේතුවෙන් විශාල පරිසර දූෂණයක් සිදුවේ.මීට අමතරව මෙම කර්මාන්ත ශාලා අවට පරිසරයෙන් අධික දුර්ගන්ධයක් පැතිරීමත් මැසි මදුරු උවදුරු වැඩි වීමත් නිසා ඒ අවට ජනතාව ඉමහත් අපහසුතාවයන්ට පත්වී සිටිති.තේ කර්මාන්ත ශාලා මඟින්ද මෙම පාරිසරික ගැටලුව සිදු වේ. තේ කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය ප්‍රධාන ඇළ මාර්ගයන්ට හරවා තිබිමත් ප්‍රතිචක්‍රීය නොකර අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීමත් ජල මාර්ග වලින් ජලය පරිහරණය කරන ජනතාවට මහත් ගැටලුවකට මුහුණ දීමටත් සිදුව ඇත.