Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

ආපදා තත්ත්වයන්

ඉංගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුළ  වැඩිවශයෙන් ඇති වන අපදා තත්වයන් ලෙස ගං වතුර සුළි සුළං හා නියගයන් හදුන්වා දිය හැක. එකී තත්වයන්ට නිරන්තරයෙන් ගොදුරු වන වසම් කිහිපයක් පවතී.

ගංවතුර

ඉංගිරිය පාදේශීය ලේකම් කොට්ඨාශයේ වගවත්ත, බෝධිනාගල, නම්බපාන, ඌරුගල ,කැකුළලිය යන ප්‍රදේශ සෑම වර්ෂයකම පාහේ ගංවතුර තර්ජනයට මුහුණ පානු ලැබේ.එහෙත් මෑත වර්ෂවලදී ගංවතුර තර්ජනයක් දැකගත නොහැකි විය. එයට හේතු වී ඇත්තේ කළු ග‍ඟෙන් වැලි ගොඩ දැමීම නිසා ගංඟා පිටාර ගැලීම බොහෝ දුරට අඩු වී ගොස් ඇති බවයි. 2008 වර්ෂයේදී කැකුළලියේ යහලවත්ත ප්‍රදේශයේ ගංවතුර ගැලීම නිසා වගා බිම් අක්කර 05 ක් පමණ විනාශ විය. 2008 මාපුගල මැද මූකලාන ප්‍රදේශයේ ගංවතුර ගැලීමෙන් අක්කර 03 ක් පමණ විනාශ විය.

2014 වර්ෂයේ ජුනි මස ඇති වූ ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 1000කට පමණ පිසූ ආහාර ලබා දුන් අතර පවුල් 589 කට වියළි සලාක  ලබා දෙන ලදී.

සුළි සුළං

2000 වර්ෂයේදී ඉංගිරිය ප්‍රදේශය පුරා හමාගිය සුළඟින් නිවාස හානි හා දේපල හානි සිදු විය.මෙහිදී පවුල් 100 කට පමණ මෙම සුළි සුළං තත්ත්වය බලපාන ලදී.ඉංගිරිය බටහිර,ඇදුරාගල ,නිමලගම ආදී පදේශ වල මෙම සුළි සුළං තත්ත්වය බලපෑවේය.මේ නිසා වී වගාව අක්කර 25 ක් පමණ විනාශ විය.

මීට අමතරව ප්‍රදේශය පුරා පොළොව වෙත දැඩි ලෙස ඇදී එන අකුණු සැර නිසා නිවාස වල විදුලි උපකරණ ,දුරකථන ආදියට දැඩි ලෙස හානි සිදු වේ.

2015 වර්ෂයේ විටින් විට ඇති වූ අධික වර්ෂාව හා සුළි සුළග හේතුවෙන් පවුල් 29ක පමණ නිවාස නිවාසවලට හානී සිදු විය.

අයහපත් කාළගුණික වෙනස්වීම් හමුවේ 2015 වර්ෂය තුළ පස් කණ්ඩි කඩා වැටීම් සිදු වීම් 7ක් පමණ වාර්තා වී ඇත. ඒ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පරියේෂණ ආයතනයේ උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇත.

නියඟ

නියගයද මේ ප්‍රදේශයේ වගාවන් සඳහා තරමක් දුරට බලපානු ලැබේ. නාගස්මණ්ඩිය,සපුගහගොඩ කන්ද යන ප්‍රදේශ වල 2001 වර්ෂයේ බලපෑ නියගය නිසා තේ අක්කර 05 ක් පමණ විනාශ විය.මීට අමතරව මේ ප්‍රදේශ වල පවත්නා කුඩා ඇල දොල ආදිය නියං කාලවලදී සිඳී යයි.උදා- රදා ඇල,නුගහේන් දොල,බිසෝ දොල ,මදුරු දොල, සෝරයාහේන දොල.