Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

සත්ත්ව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම

 

  • ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ගවයන් සහ එළුවන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබයි.
  • අයඳුම්කරුගේ ඉල්ලීම් ලිපිය
  • සතුන් ප්‍රවාහනය කරන්නේ කුමන වසමක සිට කුමන ස්ථානයකටද යන්න පිළිබඳ සතුන් රැගෙන යන වසමේ ග්‍රාම නිලධාරී සහතිකය
  • සතුන් රැගෙන යනු ලබන්නේ කුමන ස්ථානයකටද යන්න පිළිබඳ ගවයින් රැගෙන යන වසමේ ග්‍රාම නිලධාරී සහතිකය ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කර තිබිය යුතුය.
  • එම ලිපියෙහි ප්‍රවාහනය කරනු ලබන සතුවයින් කෘෂිකාර්මික කටයුත්තක් සඳහා පමණක් අදාල වසමට ගෙන එන බව සඳහන්ව තිබිය යුතුය.
  • පශු වෛද්‍ය වාර්තාව - මෙම වාර්තාවට සතුන් ප්‍රවාහනය කරනු ලබන වාහනය පළිබඳව / සතුන් හඳුනාගැනීම සඳහා හණ නීවරණ පිළිබඳව ඇතුළත්ව තිබිය යුතුය.
  • සත්වයින් ප්‍රවාහනය වෙනුවෙන් කොට්ඨාශයේ පශු වෛද්‍ය නිලධාරී වෙත අදාල මුදල් ගෙවා ලබා ගන්නා ලදු පත ඉදිරිපත් කළ යුතුය.
  • සති අන්ත හා රජයේ නිවාඩු දින සඳහා නිකුත් නොකරනු ලබන අතර මෙම අවසර පත්‍රය පෙ.ව. 6.00 සිට ප.ව. 6.00 දක්වා පමණක් වලංගුවේ.