Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

Tree Cutting Permit

දැව හෙලීම

 

  • දැව හෙලීමට අපේක්ෂා කරනු ලබන ඉඩම සඳහා නිකුත් කර ඇති බලපත්‍රය හෝ දීමනා පත්‍රය පහත කුමන වර්ගයට අයත් වන්නේද කියා විමසා බලන්න.

-1) වාර්ෂික බලපත්‍ර සහිත ඉඩම්.

-2) දීමනා පත්‍ර සකසා නොමැති මධ්‍යම පාන්තික ඉඩම්.

-3)  ඉ.සං.ආ. පනත යටතේ නිකුත් කර ඇති ස්ථීර බලපත්‍ර ඇති ඉඩම්

-4)  ප්‍රෙව්ණි සින්නක්කර ස්වර්ණ භූමි, ජය භූමි, රත්න භූමි දීමනා පත්‍ර සහිත ඉඩම්.

  • ඉහත අංක 1 හා 2 යටතේ දක්වා ඇති ඉඩම් වල පිහිටි දැව හෙලීම සඳහා අවසර නොමැත. එම ඉඩම් වලින් ඉවත් කෙරෙන සියළු දැව ප්‍රාදේශීය ලේකම් මඟින් දැව සංස්ථාව වෙත භාර දෙනු ඇත.
  • ඉහත අංක 3 යටතේ ඇති ඉඩම් සඳහා බලපත්‍ර නිකුත් කල පසුව වවනු ලැබූ දැව වසර 20ක් පැරණි වූ පසු එම දැව හෙලීමට සහ ප්‍රවාහනයට අවසර ලබා දිය හැකිය.
  • ඉහත අංක 4 යටතේ ඇති ඉඩම් වල මායිම් වල පිහිට් දැව හෙලීමට හා ප්‍රවාහනයට අවසර ලබා දිය හැකිය.

 

දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම

 

  • පහත සඳහන් ලියවිලි ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කරන්න.

1) ඉල්ලීමේ ලිපිය - ඉල්ලුම්කරුගේ අත්සන ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.


2) ඉඩමේ අයිතිය සනාත කල හැකි ලේඛන

- දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබා ගත් පත් ඉරුව.
- ඉඩමේ මිනින්දෝරු සැලැස්ම.
( ඉහත ලේඛන වල ඡායා පිටපතක්ද ඉදිරිපත් කල යුතුය. මාණ්ඩලික නිලධාරියෙකු විසින් ඡායා පිටපත සනාත කිරීමෙන් පසුව මුල් පිටපත ඔබට ලබා දෙනු ඇත.)

3) සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය.