Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීම

පහත සඳහන් ලියවිලි ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කරන්න.

1) ඉල්ලීමේ ලිපිය. - ඉල්ලුම්කරුගේ අත්සන ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.

2) ඉල්ලුම්කරු විසින් සම්පූර්ණ කළ යුතු විස්තර ඇතුලත් ආකෘති පත්‍රය.
3) දැව ලබා ගත් ඉඩමේ අයිතිය සනාත කළ හැකි ලේඛන.

 

- දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබා ගත් පත් ඉරුව.

- ඉඩම් මිනින්දෝරු සැලැස්ම.

 

ඉහත ලේඛන වල ඡායා පිටපතක්ද ඉදිරිපත් කළ යුතුය. මාණ්ඩලික නිලධාරියෙකු විසින් ඡායා පිටපත් සනාත කර ගැනීමෙන් පසුව මුල් පිටපත් ආපසු ඔබට ලබා දෙනු ඇත.

4) දැව මිල දී ගත්තේ නම් නියමිත මුද්දර මත අත්සන් කරන ලද කුවිතාන්සිය. (ග්‍රාම නිලධාරී සහතික කල යුතුයි)
5) දැව ලබා ගත් ඉඩම නොබෙදූ හෝ හවුල් ඉඩමක් නම් හවුල්කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි. (ග්‍රාම නිලධාරී ඉදිරිපිටදී කැමැත්ත ප්‍රකාශ කල යුතුයි)
6) දැව කැපුම් බලපත්‍රයක් ලබා ගත්තේ නම් කැපුම් බලපත්‍රෙය් මුල් පිටපත.