Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

ක්ෂේත්‍ර   නිලධාරින්ගෙන්   සිදුවන   කාර්ය   භාරය

අනු අංකය

නම

තනතුර

අයත් අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තුව

දුරකථන අංකය

සිදුවන කාර්යභාරය

01.

ඩී. එම්.යූ එස්  කුමාර

නිපුනතා සංවර්ධන සහකාර

නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය

071-8314391

01. පාසල් සිසුන්, පාසල හැරගිය සිසුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් පැවැත්වීම.

02. වෘත්තීය පුහුණු පාඨමාලා පිළිබඳ තරුණ තරුණියන් දැනුවත් කිරිම.

03. පාසල් හැර යන දරු දැරියන් වෘත්තීය පුහුණු පාඨමාලා වෙත යොමු කිරීම.

02.

ඩී. එල්. ජයමාල්

පුනරුත්ථාපන සංවර්ධන නිලධාරි

ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව

071-8459906

01. ප්‍රජා විශෝධන ආඥා ලාභීන්ගේ පවුල් සුභසාධන කටයුතු.

02. අවධානම් සහගත පුද්ගලයින් හා එම පවුල් සුභසාධන කටයුතු.

03. නිදහස් පුනරුත්ථාපනලාභී පවුල් සුභසාධන කටයුතු.

04. සේවා ලාභීන් සඳහා විෂයානුගත වැඩසටහන් පැවැත්වීම.

05. ප්‍රාදේශීය පුනරුත්ථාපන කමිටුව පැවැත්වීම.

03.

කේ. එම්. පි. කුමාර

සංවර්ධන නිලධාරි - ව්‍යවසායකත්ව

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය

077-5297282

01. කොට්ඨාශය තුල විසිරී සිටිනසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හඳුනා ගැනීමත් ව්‍යවසායක ප්‍රවර්ධන සේවා සපයන්නන් හඳුනාගෙන එම සේවය අත්‍යාවශ්‍ය වන ව්‍යවසායකයින් හට සේවාව ලබාදීම.

02. කොට්ඨාශ මට්ටමින් ඇති තරඟකාරී ව්‍යාපාරික අවස්ථාවන් හඳුනා ගැනිම හා ඒ පිළිබද දත්ත පද්ධතියක් සකස් කිරීම.

03. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ප්‍රයෝජනවත් වන සම්පත් හඳුනාගෙන ඒවා උපරිම අයුරින් ප්‍රයෝජනයට ගැනිම සඳහා උනන්දු කරවීම.

04. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ව්‍යාපෘති වාර්තා සකස් කිරීම හා එම වාර්තා පිළිබඳව අධ්‍යනය සිදු කිරීම හා සුදුසු ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම.

04.

අයි. සුරංගි ඒකනායක

සංවර්ධන නිලධාරි (ඵලදායිතා)

ජාතික ඵලදායිතා ලේකම් කිර්යාලය.

071-5489685

01.පාසල්/ පෙරපාසල්  හා රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන සඳහා ඵලදායිතාව ක්‍රියාත්මක කරවීම.

02. ග්‍රාමීය මට්ටමින් ප්‍රජා ඵලදායිතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

03.පාසල් සඳහා ඵලදායිතා සංගම් පිහිටුවීම හා ඒ ආශ්‍රිත වැඩසටහන් ක්‍රියාත්මක කරවීම.

03. පාසල්, පෙරපාසල්, පෞද්ගලික ආයතන සඳහා සහතිකකරණය සිදු කිරීම.

05.

ඒ.පී. ගම්මම්පිල

සංවර්ධන නිලධාරි - විදේශ රැකියා

විදෙශ රැකියා අමාත්‍යාංශය

071-1832441

01. ගෟහ පාලන සහයිකාවන් වශයෙන් විදේශ ගත වන කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්තා අදාල චක්‍රලේඛන අනුව නිර්දෙශ කර ඉදිරිපත් කිරීම.

02.විදේශ ගත වීමට අපේක්ෂිත පුද්ගලන්ට අවශ්‍ය මඟ පෙන්වීම, දැනුවත් කිරීම හා උපදෙස් ලබා දීම.

03.විදෙස් රටවල සේවය කර පැමිණි ශ්‍රමිකයින් නිසි පරිදි සමාජ ගත කිරීම ජීවනෝපාය වැඩසටහන් වලට යොමු කිරිම හා ඔවුන් පිළිබඳ නිරන්තර පසුවිපරම් කිරීම.

04. විගමනික ශ්‍රමික පවුල් වල දරුවන්ගේ සුභ සාධන කටයුතු පිළිබඳ අඛන්ඩව සුපරීක්ශනය හා උපදේශනය අවශ්‍ය විගමනික පවුල් ඒ සඳහා යොමු කිරීම.

05. විදේශ ගත වන පුදුගලයන් ශ්‍රමික සුරැකුම යටතේ ලියාපදිංචි කිරීම.

06.

.පී.සී.ඩී. අභයවර්ධන

සංවර්ධන නිලධාරි - විදේශ රැකියා

විදෙශ රැකියා අමාත්‍යාංශය

071-1832390

07

වී.එස්. විතානගේ

සංවර්ධන නිලධාරි - විදේශ රැකියා

විදෙශ රැකියා අමාත්‍යාංශය

071-1832445

08.

ටී. ඒ. ඩී. එස්. තිලකරත්න

බෞද්ධ කටයුතු සමායෝජක

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව බුද්ධශාසන අමාත්‍යාංශය

071-6427926

077-2242193

01.විහාරස්ථාන හා දහම් පාසල්  ලියාපදිංචි කටයුතු

02. විහාරස්ථාන හා දහම් පාසල් ආධාර ලබා දීම හා නිර්දේශ ලබා දීම.

03. භික්ෂුන් වහන්සේලා හා දහම් පාසල් ගුරුභවතුන් සඳහා හැදුණුම්පත් ලබා දීම.

04.දහම් පාසල් ගුරු භවතුන් සඳහා දහම් ගුරු දීමනා ලබා දීම හා නිල ඇඳුම් ලබා දීම.

05.දරුවන් සඳහා පෙළ පොත් ලබා දීම.

06.දහම් පාසල් ගුරුභවතුන් සඳහා පාලි භාෂා ප්‍රවර්ධන, දහම් සරසවිය, දහම් පාසල් ගුරුවිභාගය පැවැත්වීම, දහම් පාසල් ගුරු පුහුණු වැඩ සටහන් පැවැත්වීම.

07. ප්‍රාදේශීය සිසු නිපුණතා වැඩසටහන දහම් පාසල් ශ්‍රේණි විභාග කටයුතු.

08. දහම් පාසල් විහාරස්ථාන ඇතුළු සියළු ආගමික වැඩ සටහන් සම්බන්ධීකරණය කිරීම.

09. ගුරුභවතුන් සඳහා වෛද්‍යාධාර ලබාදීම.

09.

තිසරු කෝට්ටගේ

සංවර්ධන නිලධාරි - සංස්කෘතික

සංස්කෘතික හා  කලා කටයුතු අමාත්‍යංශය            ( බ.ප.)

01.සංස්කෘතික වශයෙන් වැදගත් ආයතන, පුද්ගලයන්, ලේඛන, පොත්පත් පිළිබඳ තොරතුරු රැස්කිරීම හා යාවත්කාලීන කිරීම.

02.පළාත් සංස්කෘතික හා ආගමික ප්‍රතිපත්ති සැලසුම් සම්පාදනයට වැදගත් විය හැකි ප්‍රාදේශීය ගැටළු, අවකාශ විභවතා, පිළිබද වාර්තා නිර්දේශය සහ යෝජනා කිරීම.

03.සංස්කෘතික වැඩසටහන් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම.

04.කලායතන ආධාර සඳහා නිර්දේශ ලබා දීම.

05. පළාත් නිශ්චිත කාර්ය ප්‍රධාන ආදායම් පළාත් සංස්කෘතික අමාත්‍යාංශය මගින් ප්‍රතිපාදන ලබාදෙන සියළුම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

10.

ජනිත් සමරවික්‍රම

සංස්කෘතික සංවර්ධන සහකාර

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

071-8487356

01.අඟහිග කලාකරු යොජනා ක්‍රමය.

02. කලාකරු භූෂණ සම්මානය සඳහා අයදුම් කිරීම.

03. කලායතන ලියාපදිංචි කිරීම.

04.කලාකරුවන් සඳහා නිශ්චිත රාජ්‍ය විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය.

05.කලායතන ආධාර ලබා දීම.

11.

එන්. එස්. ප්‍රියදර්ශනි

දේශීය වෛද්‍ය සංවර්ධන - නිලධාරි

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

071-0515183

01.පොෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

02.කොට්ඨාශයේ ආයුර්වේද ක්ෂෙත්‍රයට අදාල සංවර්ධන වැඩසටහන්  ක්‍රියාත්මක කිරීම.

03. ලියාපදිංචි නොවු පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරු ලියාපදිංචියට යොමු කිරීම.

04. පාසල් ඔසු උයන් සහ ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

05.කොට්ඨාසය තුල ආයුර්වේදයට සම්බන්ධව පවත්වාගෙන යනු ලබන නිෂ්පාදනාගාර,බෙහෙත් ශාලා පංචකර්ම ආයතන හා ආයුර්වේද සම්බාහන ආයතන පිළිබඳතොරතුරු පවත්වාගෙන යාම.

06. ආයුර්වේද සංරක්ෂන සභාවල කටයුතු සම්බන්ධීකරණය හා දත්ත රැස්කිරීම.

12.

එම්.එම්.එල්. විජේසේකර

ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක

ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය

077-6670698

01.  රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක වීම අධීක්ෂණය හා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවන ආයතන පිළිබද රාජ්‍ය භාෂා කොමිසමට පැමිණිලි කිරීම.

02.විවිධ ජනවර්ග අතර සහයෝගය වර්ධනය වන ආගමික,සංස්කෘතික උත්සව සංවිධානය.

03.භාෂා පුහුණු වැඩසටහන් සංවිධානය.

04.සහජීවන සංගම් ස්ථාපිත කිරීම.

05.ආන්තීකරණයට ලක් වූ පුද්ගලයන්ට සහාය දැක්වීම.

13.

අයි. ඩී. සී. පී. යසවර්ධන

සංවර්ධන නිලධාරි (කෘෂිකර්ම

කෘෂි කර්ම අමාත්‍යාංශය

071-8844871

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව පැවැත්වීම හා පසුවිපරම් සිදු කිරීම.

02. දිස්ත්‍රික් කෘෂි කමිටුව සඳහා අවශ්‍ය තොරතුරු වාර්ථා ප්‍රාදේශීය ලේකම්ට ලබා දීම.

03.ප්‍රාදේශීය සම්බන්දීකරණ කමිටුව, ගොව්ජන සේවා කමිටු රැස්වීම, කන්න රැස්වීම් හා අනෙකුත් මාසික රැස්වීම් සඳහා සහභාගී වීම හා එහිදී මතුවෙන කෘෂි ගැටළු ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ දැනුවත් කිරිම.

04. කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියළුම නිලධාරීන් සමඟ මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් සිදු කිරීම.

05.ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාල දත්ත එක් රැස් කිරිම,නිරවද්‍යතාව තහවුරු කිරීම හා යාවත්කාලීන කරන ලද තොරතුරු අමාත්‍යාංශය, දිස්ත්‍රික් කෘසිකර්ම අධ්‍යක්ෂ වෙත ලබා දීම.

06.කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය පිළිබඳ ප්‍රවර්දන වැඩසටහන්, පොහොර බෙදා හැරීමේ කටයුතු සඳහා අවශ්‍ය සහය ලබා දීම.

07. කෘෂිකාර්මික වගාබිම් ආශ්‍රිතව පවත්නා විභවයන් හා ප්‍රවනතාවයන් හඳුනාගෙන වගා සැලසුම් සකස් කිරීම හා අමාත්‍යාංශය යටතේ ඇති ආයතන, පුද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා සංවිධාන සමඟ කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහය වීම.

14.

සී. සේදර

සංවර්ධන නිලධාරි (කෘෂිකර්ම)

කෘෂි කර්ම අමාත්‍යාංශය

071-7381048

15.

ප්‍රියානි නිලන්තිකා විතානගේ

වනිතා සංවර්ධන නිලධාරි

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

01.ප්‍රාදේශීය ලේකම් කොටඨාසයේ කාන්තා සංවර්ධනයට අදාල වූ සියළුම රාජකාරී කටයුතු සංවිධානය කිරීම හා අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම.

02. කාන්තා සංවර්ධනයට අදාල දත්ත විශ්ලේණය, ගැටළු හඳුනා ගැනීම හා ඒ තුලින් ව්‍යාපෘති සකස් කිරීම.

03. වැන්දඹු හා කාන්තා ගෘහ මූලික පවුල් හඳුනාගෙන ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමට අවශ්‍ය වැඩසටහන් සම්පාදනය කර අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම. එම අනුමත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා පසු විපරම.

04. ස්වාභාවික ආපදා වලදී විපතට පත් වන කාන්තාවන් සඳහා ක්ෂනික සහන සැලසීම පුනුරුත්තාපන වැඩ සටහන් සංවිධානය කිරීම.

05.කාන්තා කාර්යංශ අධ්‍යක්ෂකගේ උපදෙස් හා අධීක්ෂණය මත කාන්තා සමිති පිහිටු වීම, ප්‍රතිසංවිධාන බල මණ්ඩල රැස්වීම පැවැත්වීමට කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සහ කාන්තාවන් සමාජ ආරථික වශයෙන් සවිබල ගැන්වීම.

16.

ටී.ඩී. කත්‍රිආරච්චි

මුල් ළමාවිය සංවර්ධන සහකාර නිලධාරි.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

01.ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පූර්ව අවධියේ සිට වයස අවුරුදු 05 දක්වා දරුවන්ගේ සංවර්ධනය හා රැකවරණය පිළිබඳ තොරතුරු ඒකරාශී කිරීම හා අදාල තොරතුරු ළමා ලේකම් කාර්යාලයට වාර්තා කිරීම සහ ප්‍රාදේශීය මට්ටමින් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම.

02. මුල් ළමා විය සංවර්ධනය සම්බන්ධව ආයතන මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා සම්පත් දායකත්වය ලබා දීම.

03.මුල් ළමාවියේ දරුවන්ගේ සංවර්ධන ගැටළු හඳුනාගැනීම සහ ඒ පිළිබඳව අදාල පාර්ශවයන් සහ ළමා ලේකම් කාර්යාලය වෙත වාර්තා කිරීම සහ මුල් ළමාවිය සංවර්ධනය සඳහා ව්‍යාපෘති යෝජනා ළමා ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම.

04. මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබද ජාතික ප්‍රතිපත්තිය ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම, ප්‍රාදේශීය හා ග්‍රාමීය කමිටු පිහිටුවීම.

05. ප්‍රාදේශීය මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ මධ්‍යම රජයේ සම්බන්ධිකාරක ලෙස කටයුතු කිරීම.

06. ළමා ලේකම් කාර්යාලයේ අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය මට්ටමින් පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීම.

17.

පී.කේ.  රම්‍යා කාන්ති

ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි

පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව

01.ප්‍රාදේශීය සහ ග්‍රාමීය ළමා සංවර්ධන කමිටුව ක්‍රියාත්මක කිරීම.

02. නෛතික වශයෙන් ගැටළු පැන නැගී ඇති දරුවන්ගේ අයිතීන් තහවුරු කිරීමට අදාළ රාජකාරි කටයුතු.

03. ළමා අපයෝජන වැලක්වීමට අදාළ රාජකාරි.

04.දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරෂිත කිරීමට අදාල රාජකාරී කටයුතු.

05.දරුවන්ගේ පෞරුෂ වර්ධනයට, සහභාගීත්ව අයිතිය තහවුරු කිරීමට හා නිර්මාණාත්මක චින්තනය පුළුල් කිරීමට අදාළ රාජකාරි.

06. ආරක්ෂාව හා රැකවරණය අවශ්‍ය දරුවන් හා අවදානම් සහගත දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය තහවුරු කිරීමට කටයුතු කිරීම.

07.දරුවන් පුනරුත්ථාපනය කිරීම හා සමාජගත කිරීමට අදාල රාජකාරි කටයුතු.

18.

මංජුල රාජකරුණා

ක්‍රීඩා නිලධාරි

ක්‍රීඩා අමාත්‍යාංශය

071-1320531

ක්‍රීඩා කටයුතු දියුණු කිරීම.

19.

කේ.ඒ.  චන්ද්‍රසිරි

සංඛ්‍යාලේඛන නිලධාරි

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

071-2521680

දෙපාර්තමේන්තුව මගින් පවත්වන සංගණනය හා සමීක්ෂණය පැවැත්වීම.

20.

ඩබ්.පී. මොනිකා දීප්ති කුමාරි

මානව සම්පත් සංවර්ධන සහකාර

මින්ස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව.

071-8102885

වෘත්තීය මාර්ගෝපදේශ සේවා සැපයිම සෘජු රැකියා සඳහා යොමු කිරීම,රැකියා සීමාවේ ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම, වෘත්තීය පුහුණුව සඳහා යොමු කිරීම, දිස්ත්‍රික්කයේ වැඩ සටහන් සඳහා සම්පත් දායකත්වය සැපයීම.

21.

ඩබ්.ඒ. තුසිත නිලක් කුලතුංග

තරුණ සේවා නිලධාරි

ජාතික තරුණ සේවා සභාව/ ජාතික ප්‍රතිපත්ති හා අධ්‍යාපන කටයුතු අමාත්‍යාංශය

071-8219837

01.යෞවන සමාජ ප්‍රතිසංවිධානය කිරීම./පිහිටුවීම/ලියාපදිංචි කිරීම.

02.යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල ප්‍රතිසංවිධානය කිරීම./ ලියාපදිංචි කිරීම.

03. අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා තරඟාවලිය පැවැත්වීම.

04. යෞවන සම්මාන තරඟාවලිය පැවැත්වීම.

05."යොවුන් පුරය" ජාතික යෞවන කඳවුර පැවැත්වීම.

06.Youth with Talent ගමට කෝටියක් තුරුණු ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම.

07. නායකත්ව හා පෞරුෂ සංවර්ධන වැඩසටහන් පැවැත්වීම.

08. ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම.

09. මත්ද්‍රවය නිවාරන වැඩ සටහන් පැවැත්වීම.

10.තරුණ සංවර්ධනය සඳහා විශේෂ වූ අවස්ථානුකූල වූ වැඩසටහන් පැවැත්වීම.