Tamil-Sri LankaEnglish (United Kingdom)

විදාතා සම්පත් මධ්‍යස්ථානය


ඉංගිරිය විදාතා සම්පත් මධ්‍යස්ථානය 2005.09.23 දින ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල ආරම්භ කරන ලද අතර, විදාතා සම්පත් මධ්‍යස්ථාන නව ගොඩනැගිල්ල 2007.02.24 දින හිටපු විදාතා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමන් අතින් ජනතා අයිතියට පවරන ලදී.

 

අපගේ මෙහෙවර

විද්‍යාව හා තාක්ෂණය ගම් මට්ටමින් ව්‍යාප්ත කර එමගින් ග්‍රාමීය ප්‍රදේශ වල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බිහිකිරීමට අවශ්‍ය විද්‍යා හා තාක්ෂණික දැනුම හා නිපුණතාව, තාක්ෂණික පැවරුම් මගින් ලබා දීම හා එමගින් රැකියා අවස්ථා වැඩිකොට දිළිඳුකම හා විරැකියාව පිටුදැකීම.

අපගේ දැක්ම

මෙතෙක් සැලකිල්ලට බඳුන් නොවූ ගම්වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන රටාව දියුණු කිරීම සඳහා විද්‍යාවේ හා තාක්ෂණයේ පූර්ණ ශක්තිය යොදවා ගැනීම.

 

විදාතා මධ්‍යස්ථාන කාර්යභාර්ය

  • ව්‍යවසායකයින් හඳුනා ගැනීම

  • තාක්ෂණයන් පැවරීම

  • නව නිපැයුම් ප්‍රදර්ශණය

  • පරිගණක සාක්ෂරතාවය වැඩිදියුණු කිරීම

  • ස්වයං රැකියා ප්‍රවර්ධනය

  • විද්‍යා සමාජ ප්‍රවර්ධනය කිරීම

  • ව්‍යවසායකයින්ගේ භාණ්ඩ සඳහා නිසි ප්‍රමිතීන් ලබා ගැනීමට සහය වීම

  • ඔවුන්ට බැංකු ණය පහසුකම් ලබා දීමට සහය වීම

 

ඉංගිරිය විදාතා සම්පත් මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය

තනතුර නම
විද්‍යා හා තාක්ෂණ නිලධාරී ආර්. ඒ.ඩී. නිරෝෂණී
පරිගණක දත්ත සටහන් ක්‍රියාකරු ඩබ්.ඩී.ලසන්තිකා මල්කාන්ති
ක්ෂේත්‍ර සම්බන්ධීකාරක කේ.කේ.ඩබ්.හේමන්ත කහවල
කාර්යාල කාර්ය සහයක එච්.එච්.සන්ධ්‍යා කුමුදුනී

 

අයදුම්පත්‍ර